Home » සුනාමියට බිලි වූ 137 කගේ සිරුරු කොටස් තවමත් කරාපිටිය වෛද්‍ය පීඨයේ

සුනාමියට බිලි වූ 137 කගේ සිරුරු කොටස් තවමත් කරාපිටිය වෛද්‍ය පීඨයේ

by yasara
December 28, 2023 3:32 pm 0 comment

සුනාමි ව්‍යසනයෙන් මියගිය නාඳුනන පුද්ගලයින් 137 දෙනෙකුගේ සිරුරු කොටස් ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ පවතින බව වාර්තා වෙයි

අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය යූ.සී.පී. පෙරේරා මහතා සඳහන් කරන පරිදි එම පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කර නොමැත.

මේ නිසා මෙම සිරුරුවල අස්ථි කොටස් පර්යේෂණ සහ අධ්‍යයන කටයුතු සඳහා  මේ වන විට යොදා ගන්නා බව ද වාර්තා වෙයි.

මහාචාර්ය පෙරේරා අනාවරණය කරන පරිදි සුනාමි ව්‍යසනයෙන් පසු මාස නවයක කාලය තුළ තෙල්වත්ත සහ පැරෑලිය ප්‍රදේශයේ කඩොලාන සහ වගුරු බිම්වලින් මෙම සිරුරු කොටස් හමු වී තිබෙයි

සුනාමි ව්‍යසනය සිදු වූ විගස මියගිය අයගේ ඥාතීන්ට හඳුනා ගැනීම සඳහා සිරුරු කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රදර්ශනය කළ බවත් සමහර සිරුරු වල අනන්‍යතාවය අද වනතුරුත් තහවුරු වී නොමැත

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT