Saturday, April 27, 2024
Home » ඥානසාර හිමියන්ට වසර 04ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්

ඥානසාර හිමියන්ට වසර 04ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්

by chanaka
March 28, 2024 10:56 am 0 comment

කූරගල රජමහා විහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් නිසා ඉස්ලාම් ධර්මයට අපහාසාත්මක වන ආකාරයෙන් ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරුවූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට, කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කර තිබේ.

එක් එක් චෝදනාවට වසර දෙක බැගින් සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊට අමතරව රුපියල් ලක්ෂයක දඩයක්ද නියම කර ඇත.

ඥානසාර හිමිට එරෙහිව නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවක අධි චෝදනා දෙකට ම මෙලෙස උන්වහන්සේ වරදකරු වී තිබේ.

මෙම නඩුවට අදාළව ඥානසාර හිමියන්ට එරෙහිව අධිචෝදනා බාර දී ඇත්තේ ඉකුත් 2020 වසරේ ඔක්තෝබ‍ර් 21 වැනි දාය.

2016 වසරේ කොළඹ දී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක දී, කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT