Home » AIA ඉන්ෂුවරන්ස්, කොමර්ෂල් බැංකු සහයෝගීතාව එළැඹීම උත්කර්ෂවත්ව සමරයි

AIA ඉන්ෂුවරන්ස්, කොමර්ෂල් බැංකු සහයෝගීතාව එළැඹීම උත්කර්ෂවත්ව සමරයි

by sachintha
April 10, 2024 1:55 am 0 comment

ඓතිහාසික සහයෝගිතාවයකට එළැඹි AIA ඉන්ෂුවරන්ස් සහ කොමර්ෂල් බැංකුව ඔවුනගේ නිත්‍ය බැංකු රක්ෂණ හවුල්කාරීත්වය නිල වශයෙන් දියත් කරමින්, ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මූල්‍ය සුරක්ෂිතතාවය සහ අසමසම සේවාවන්හි නව යුගයක් සනිටුහන් කරන ලදි. ආයතන දෙකේම සම්භාවනීය අමුත්තන්, ගෞරවනීය ගනුදෙනුකරුවන් මෙන්ම ආයෝජන මණ්ඩලයේ සභාපති (BOI) සහ පෝට් සිටි ආර්ථික කොමිෂන් සභාවේ සභාපති (Port City Economic Commission), ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපති සහ අධ්‍යක්ෂක ජනරාල් (IRCSL) ඇතුළු කැපී පෙනෙන සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන්, කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී නොබෝදා, ඩිජිටල්කරණය භාවිත කරමින් සිදුකරන ලද උත්කර්ෂවත් දියත් කිරීමේ උත්සවයක් මධ්‍යයේ මෙම හවුල්කාරිත්වය එළිදක්වන ලදි.

මෙම උත්සවයේ දී ‘redefining synergy’ (‘සහයෝගය යළි නිර්වචනය කිරීම’) යන තේමාව විදහා දක්වමින්, පෙර නොවූ විරූ ලෙස ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීම සඳහා වසර සියයකට වඩා වැඩි ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ ආයතනික දැවැන්තයින්

දෙදෙනෙකු අතර සුසංයෝගයෙන් ඇරඹි සහයෝගිතාවය ඉස්මතු කරන ලදි.

AIA ඉන්ෂුවරන්ස් සහ කොමර්ෂල් බැංකුව අතර මෙම සුවිශේෂී බැංකු රක්ෂණ හවුල්කාරිත්වය දියත් කිරීමේ උත්සවය ඔස්සේ මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදි. එපමණක් නොව, සහයෝගිතාවය, නවෝත්පාදන සහ අසමසම පාරිභෝගික සේවාව මඟින් නිර්වචනය කරන ලද අනාගතයක් සඳහා වේදිකාව ද සකසන ලදි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT