Home » නරක් වූ මළසිරුරු සහිත බෝට්ටුවක්

නරක් වූ මළසිරුරු සහිත බෝට්ටුවක්

by chanaka
April 16, 2024 11:29 am 0 comment

ඊසාන දිග බ්‍රසීලයේ වෙරළ තීරයට ඔබ්බෙන් වූ බෝට්ටුවක තිබී නරක් වූ මළසිරුරු 20 ක් පමණ සොයාගෙන තිබේ.

එම බෝට්ටුව අප්‍රේල් 13වැනිදා වෙරළ තීරයේ තිබී සොයා ගත් බව බ්‍රසීල ෆෙඩරල් රාජ්‍ය අමාත්‍යාංශය ඉරිදා නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මළසිරුරු නරක් වීම හේතුවෙන් බෝට්ටුවේ කොපමණ සංඛ්‍යාවක් මියගොස් ඇත් ද යන්න සම්බන්ධයෙන් නිශ්චිතව නොදන්නා බව ද එම වාර්තාවල සඳහන්වේ.

අදාළ පිරිස බ්‍රසීල ජාතිකයන් විය නොහැකි බවට අනුමාන කරයි.

විමර්ශකයින් පවසන්නේ බොහෝ දුරට ඔවුන් කැරිබියන් දූපත්වල සිට පැමිණි පුද්ගලයින් විය හැකි බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT