Home » අද සිට නව වීසා ක්‍රමවේදයක්‌

අද සිට නව වීසා ක්‍රමවේදයක්‌

by chanaka
April 17, 2024 1:14 pm 0 comment

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හා නව මාර්ගගත ක්‍රමවේදය (online) ක්‍රියාත්මක කිරීම අද (17) සිට ආරම්භ කරන බව ආගමන හා විගමන දොපර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව, දැනට ක්‍රියාත්මක වන ETA (Electronic Travel Authorization) ක්‍රමවේදය වෙනුවට හදුන්වා දෙනු ලබන මාර්ගගත ක්‍රමවේදය වන E-Visa පද්ධතිය GBS Technology Service & IVS Global ආයතනය සමඟ එක්ව ක්‍රියාත්මක කිරීමට සූදානම් කර තිබේ.

www.srilankaevisa.lk යන වෙබ් සබැඳිය මඟින් ඒ සඳහා සම්බන්ධ වීමේ හැකියාව ජනතාවට පවති.

නව වීසා ක්‍රමවේදය ඊට අදාළ ගාස්තු සපුරාලිය යුතු අවශ්‍යතා සහ ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිය හැකි කාලසීමාව 2023 .11.27 , වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබුණි.

එම ගැසට් පත්‍රය www.documents.gov.lk වෙබ් අඩවියෙන් බාගත කරගත හැකිය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT