Home » තවදුරටත් ද්වී සහ බහු පාර්ශ්වීය හවුල්කරුවන්ගේ සහය අපේක්ෂා කරනවා – රාජ්‍ය ඇමති ශෙහාන්

තවදුරටත් ද්වී සහ බහු පාර්ශ්වීය හවුල්කරුවන්ගේ සහය අපේක්ෂා කරනවා – රාජ්‍ය ඇමති ශෙහාන්

by chanaka
April 17, 2024 1:48 pm 0 comment

ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා රජය සිදු කර ඇති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ යහපත් ප්‍රතිඵල ශ්‍රී ලාංකීය ජනතාවට ලැබෙමින් පවතින බවත් එසේ වුව ද තව දුරටත් ඒ සඳහා ද්වී පාර්ශ්වීය සහ බහු පාර්ශ්වීය හවුල්කරුවන්ගේ සහය අපේක්ෂා කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ G-24 මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ සමුළුව අමතමින්ය.

ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග සාර්ථක වී ඇති අතර අපනයන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සහ ඍජු විදේශ ආයෝජන මගින් විදේශ ණය ලබා ගැනීමකින් තොරව ආර්ථිකය නව වර්ධන මාවතකට යොමු කිරීමේ ක්‍රියාවලියක රජය නිරතව සිටින බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම 2030 වන විට රටේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය 35% සිට 70% දක්වා ඉහළ නැංවීමේ ශ්‍රී ලංකාවේ ඉලක්කය බවද ඔහු එහිදී පැවසීය.

ශ්‍රී ලංකාව ශුන්‍ය කාබන් ආර්ථිකයක් බවට පත් කිරීමට රටේ සැලැස්ම සකසන බවත්, ශ්‍රී ලංකාව දැනටමත් සමුද්‍රීය අවකාශීය සැලැස්ම කෙටුම්පත් කිරීමේ වැඩකටයුතු ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා දැනටමත් වැඩ කටයුතු කරගෙන යන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT