Home » අවුරුදු දිනවල සත්තු වත්තෙනුත් වාර්තා ගත ආදායමක්

අවුරුදු දිනවල සත්තු වත්තෙනුත් වාර්තා ගත ආදායමක්

by chanaka
April 17, 2024 2:51 pm 0 comment

දෙහිවල ජාතික සත්වෝද්‍යානය අලුත් අවුරුදු දින තුනේ (13,14,15) රුපියල් ලක්ෂ 47කට අධික ආදායමක් උපයා තිබෙන බව එහි සහකාර අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු මහත්මිය පවසයි.

අවුරුදු නිවාඩුවේ විශාල නරඹන්නන් පිරිසක් දිවයිනේ විවිධ පළාත්වලින් දෙහිවල ජාතික සත්වෝද්‍යානය නැරඹීමට පැමිණි බව ඇය වැඩිදුරටත් පවසා සිටියාය.

ඒ අනුව 13 වැනිදා රුපියල් ලක්ෂ 13ක ආදායමක්ද, 14 වැනිදා රුපියල් ලක්ෂ 16ක ආදායමක්ද, 15 වැනිදා රුපියල් ලක්ෂ 18ක ආදායමක්ද උපයා ගැනීමට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සමත්ව තිබෙන බව මානවඩු මහත්මිය පවසා තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT