Home » ජල නාස්තිය අවම කිරීමට මාර්ගෝපදේශ මාලාවක්

ජල නාස්තිය අවම කිරීමට මාර්ගෝපදේශ මාලාවක්

by chanaka
April 17, 2024 4:01 pm 0 comment

අනාගතයේදී පාරිභෝගික ජනතාවට ජලය සැපයීම වඩාත් දුෂ්කර කාර්යයක් ඇතැයි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම තත්ත්වය හේතුවෙන් ජල නාස්තිය අවම කිරීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය විසින් සැලසුම් කර ඇත.

මනු කියවීමට පෙර සහ පසු සිදුවන ජල නාස්තිය අවම කිරීම උදෙසා මෙම මාර්ගෝපදේශ සකස් කර තිබෙනවා.

‘ජල සම්පාදන සැපයුම්කරුවන් සඳහා ජල සැපයුම් සම්බන්ධතා මාර්ගෝපදේශ’ යනුවෙන් මෙම මාර්ගෝපදේශ නම්කර ඇත.

අදාළ මාර්ගෝපදේශවල සාර්ථකත්වය අනුව ඉදිරියේදී ඒවා නියාමනය කිරීමටද නියමිත වේ.

පවතින මූල්‍ය අර්බුද හේතුවෙන් සියලුම රාජ්‍ය සේවා සපයන්නන් විසින් නව ව්‍යාපෘති හෝ පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ආයෝජනය කිරීම ද අභියෝගයක් බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT