Home » අශෝක-කුලරත්න අර්ධ අවසන් පූර්ව තරගය අද ඇරැඹේ

අශෝක-කුලරත්න අර්ධ අවසන් පූර්ව තරගය අද ඇරැඹේ

by sachintha
April 17, 2024 1:32 am 0 comment

අවුරුදු 19න් පහළ දෙවැනි කොටස ටියර් ‘බී’ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ අම්බලන්ගොඩ පී.ද එස්.කුලරත්න විද්‍යාලය සහ කොළඹ අශෝක විද්‍යාලය අතර අර්ධ අවසන් පූර්ව තරගය අද (17) සහ හෙට (19) තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය පළමු වටයේදී තම එක්ස් කාණ්ඩයේ ශූරයින් ලෙසින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි අතර, වයි කාණ්ඩයේ සිව්වැනි ස්ථානයට පත්වෙමින් කොළඹ අශෝක විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩක රවිශාන් නෙත්සර අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල් පිල මෙහෙවනු ලබන අතර කොළඹ අශෝක විදුහල් පිල උමේෂ් කල්දේරා විසින් මෙහෙයවනු ලබයි.මෙම තරගයේ ජයග්‍රහණය ලබන කණ්ඩායම අවසන් පූර්ව තරගයේදී පානදුර රාජකීය විද්‍යාලය සමගින් තරග වදිනු ඇත.

අම්බලන්ගොඩ පී.ද එස්.කුලරත්න විදුහල් සංචිතය: රවිශාන් නෙත්සර (නායක), මහීෂ ප්‍රභාෂණ (උප නායක), ධනුෂ්ක මධුශංක, සසිනුදු කෞෂාන්, මතීෂ දුලංජන, ජනිදු චාමික, ශකිල හංසන, ඉනුක දුල්ජය, ධමික එකලංක, ධමික අකලංක. හේෂාන් ද සිල්වා, ගීෂාන් ද සිල්වා, ළකිඳු තිහංසන, යගීත් රනුමික, කවීෂ ගයාෂාන්, භානු අනුත්තර, මධුසංඛ ද සොයිසා මහතා (කණ්ඩායම භාර ආචාර්ය), ජී. අශෝක් කුමාර් මහතා (ප්‍රධාන පුහුණුකරු)

කොළඹ අශෝක විද්‍යාලයීය සංචිතය: උමේෂ් කල්දේරා (නායක), වෙනුර කවීත්‍ර (උප නායක), ඉෂාර සඳමාල්, බුලිත මින්තරු, පසිඳු හිරුෂාන්, උදයන්ත අභිලාෂ, විදුර වෙත්තසිංහ, තුසිත කරුණාරත්න, මෝදිත ජයවික්‍රම, සසිඳු අනුර තීස්සන, ජී. සුවන් මින්දික, ඉනුක පලාගේ, නෙතුල බෝෂිත, කවිඳු පලිහවඩන, රශ්මික පෙරේරා, ජාලිය ජයන්ත මහතා (කණ්ඩායම

භාර ආචාර්ය), ළහිරු වික්‍රමසිංහ මහතා (ප්‍රධාන පුහුණුකරු), චරිත් ගුණවර්ධන මහතා (සහාය පුහුණුකරු)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT