Home » අවුන්සාන් සුකී සිරගෙදරින් නිවාස අඩස්සියට

අවුන්සාන් සුකී සිරගෙදරින් නිවාස අඩස්සියට

by sachintha
April 18, 2024 1:57 am 0 comment

මේ දිනවල මියන්මාරයේ පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් මියන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකී බන්ධනාගාරයෙන් නිවාස අඩස්සියට යොමු කිරීමට එරට හමුදා රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 27ක සිරදඬුවම් විඳිමින් සිටින 78 හැවිරිදි සුකීගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන මේ පියවර ගෙන ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

අවුන්සාන් සුකී පමණක් නොව තවත් වයස්ගත සිරකරුවන් ද දැඩි උෂ්ණත්වයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා නිවාස අඩස්සියට යොමු කර ඇතැයි මියන්මාර හමුදාවේ මේජර් ජෙනරාල් සෝ මිං ටුන් ප්‍රකාශ කර තිබේ. පෙරේදා වන විට මියන්මාරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 ඉක්මවා ගිය බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT