Home » ශ්‍රී ලංකා පිලේ පළමු පෙර­හු­රුව හෙට
කාන්තා විස්සයි20 ලෝක කුස­ලාන සුදු­සු­කම් ලැබීමේ තර­ගා­ව­ලිය

ශ්‍රී ලංකා පිලේ පළමු පෙර­හු­රුව හෙට

by damith
April 20, 2024 1:20 am 0 comment

විස්සයි20 කාන්තා ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලි­යට සුදු­සු­කම් ලැබීමේ තර­ගා­ව­ලිය ආරම්භ වීමට පෙර පැවැ­ත්වෙන පුහුණු තරග හෙට (21) අබු­ඩා­බි­හිදී ආරම්භ වෙයි.

කණ්ඩා­යම් 10ක් එක් වන තර­ගා­ව­ලියේ පුහුණු තරග 10ක් හෙට (21) සහ 23 වැනිදා පැවැ­ත්වෙන අතර, එහිදී එක් කණ්ඩා­ය­මක් තරග දෙකක් ක්‍රීඩා කරයි.

දකුණු අප්‍රි­කා­වේදී ඉති­හා­ස­ගත ජය­ග්‍ර­හ­ණ­යක් වාර්තා කළ චමරි අත­පත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩා­යම මේ තර­ගා­ව­ලි­යට එක් වීම සඳහා එරට සිට කෙළින්ම අබු­ඩාබි බලා පැමි­ණෙන අතර, දකුණු අප්‍රි­කානු සංචා­ර­යට එක් වූ ඕෂධී රණ­සිංහ, ඉමේෂා දුලනි සහ ප්‍රසා­දිනී වීර­ක්කොඩි මේ තර­ගා­ව­ලි­යට නම් කර නැත.

මේ තර­ගා­ව­ලි­යට එක් වන ශ්‍රී ලංකා කණ්ඩා­ය­මට ක්‍රීඩි­කාවෝ 15 දෙනකු ඇතු­ළත් වන අතර, තව­මත් ජාත්‍ය­න්තර තරග වරම් හිමි කර ගෙන නැති 15 හැවි­රිදි යොවුන් ක්‍රීඩිකා ශෂිනි ගිම්හානි ද ඊට ඇතු­ළත් වෙයි.

පුහුණු තරග ආරම්භ කර­මින් ශ්‍රී ලංකා පිල හෙට නෙද­ර්ල­න්ත­යට එරෙ­හිව ටොල­රන්ස් ඕවල් පිටි­යට පිවි­සෙයි. දිවා රාත්‍රි තර­ග­යක් ලෙස පැවැ­ත්වෙන මේ තර­ගය මෙරට වේලා­වෙන් පස්වරු 4.30ට ආරම්භ වීමට නිය­මි­තය.

මේ කණ්ඩා­යම් දෙක මින් පෙර 2013 වසරේ විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යට සුදු­සු­කම් ලැබීමේ තර­ගා­ව­ලියේ දෙවැනි අව­සන් පූර්ව තර­ග­යෙන් හමුවූ අතර, එහිදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකා­වට ලකුණු 33ක ජයක් හිමි විය.

හෙට අමෙ­රි­කාව සහ සිම්බාබ්වේ, උග­න්ඩාව සහ වනාටු, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ තායි­ල­න්ත­යත්, අය­ර්ල­න්තය සහ ස්කොට්ල­න්තය අත­රත් පුහුණු තරග පැවැත්වේ.

ශ්‍රී ලංකා පිල සහ­භාගි වන දෙවැනි පුහුණු තර­ගය 23 වැනිදා වනාටු කණ්ඩා­යම සමඟ පැවැ­ත්වෙන අතර, එම තර­ගය මෙරට වේලා­වෙන් රාත්‍රි 8.30ට ආරම්භ වෙයි. එදින එක්සත් අරාබි එමීර් රාජ්‍යය – උග­න්ඩාව, නෙද­ර්ල­න්තය – තායි­ල­න්තය, අය­ර්ල­න්තය – අමෙ­රි­කාව, ස්කොට්ල­න්තය සහ සිම්බාබ්වේ අතර පුහුණු තරග පැවැ­ත්වී­මට නිය­මි­තය.

ලෝක කුස­ලාන සුදු­සු­කම් ලැබීමේ තර­ගා­ව­ලිය 25 වැනිදා අබු­ඩා­බි­හිදී ආරම්භ වන අතර, ශ්‍රී ලංකා පිල තායි­ල­න්තය, ස්කොට්ල­න්තය, උග­න්ඩාව සහ අමෙ­රි­කාව සම­ඟින් ‘ඒ’ කාණ්ඩ­යෙන් තරග වැදී­මට නිය­මි­තය.

නිරෝ­ෂාන් ප්‍රියං­කර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT