Sunday, May 5, 2024
Home » විදෙස් ඇමැති අලි සබ්රි සවුදි අරාබියට

විදෙස් ඇමැති අලි සබ්රි සවුදි අරාබියට

by sachintha
April 26, 2024 1:15 am 0 comment

සවුදි අරාබියේ රියාද් නුවර දී පැවැත්වෙන සංවර්ධනය සඳහා වන ගෝලීය සහයෝගීතාව, වර්ධනය සහ බලශක්තිය පිළිබඳ ලෝක ආර්ථික සංසදයේ විශේෂ රැස්වීමට සහභාගී වීම සඳහා විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා 28, 29 සවුදි අරාබියේ රියාද් නුවර බලා පිටත්ව යෑමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ලෝක ආර්ථික සංසදය විසින් කැඳවන ලදුව, රියාද් නුවර දී පැවැත්වෙන මේ විශේෂ රැස්වීමෙන්, අද්‍යතන හදිසි සහ සංකීර්ණ ගැටලු පිළිබඳව පුළුල් සංවාදයක් ඇති කිරීම උදෙසා විවිධ අංශ සහ කර්මාන්තවල නායකයන් එක්රැස් කිරීම අපේක්ෂා කරයි.

මේ සංචාරය අතරතුර දී “නාගරික අනාගතය ගොඩනැඟීම” සහ “උතුරේ සිට දකුණට, නැඟෙනහිර සිට බටහිරට: විශ්වාසය යළි ගොඩනැංවීම” මැයෙන් පැවැත්වීමට නියමිත සැසිවාර දෙකේ විද්වත් මණ්ඩල සාමාජිකයකු ලෙස විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා ක්‍රියා කරන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මීට සමගාමීව, විදේශ කටයුතු ඇමැතිවරයා රැස්වීමේ සත්කාරක රටවන සවුදි අරාබිය ඇතුළු රටවල් ගණනාවක නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික රැස්වීම් පැවැත්වීමට නියමිත අතර ඇමැතිවරයා රියාද් නුවර වසන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට ද එහි ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල නැරඹීමට යෑමට ද නියමිතය.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT