Home » ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානා­පති හම්බ­න්තොට වරායේ සංචා­ර­යක

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානා­පති හම්බ­න්තොට වරායේ සංචා­ර­යක

by damith
April 27, 2024 1:03 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානා­පති ජීන් ෆ්‍රැන්කො­යිස් පැක්ටර් (Jean-Francois Pactet) මහතා හම්බ­න්තොට ජාත්‍ය­න්තර වරායේ (HIP) සංචා­ර­ය­කට එක්ව තිබේ.

මෙහිදී ප්‍රංශ සමා­ග­ම්ව­ලට නිරත විය හැකි ව්‍යාපා­රික අවස්ථා පිළි­බඳ ඒ මහතා උන­න්දුව පළ කර ඇති බව හම්බ­න්තොට ජාත්‍ය­න්තර වරාය සමූ­හය පව­සයි.

හම්බ­න්තොට ජාත්‍ය­න්තර වරාය සමූ­හයේ (HIPG) ප්‍රධාන මෙහෙ­යුම් නිල­ධාරි තිස්ස වික්‍ර­ම­සිංහ මහතා තානා­පති කාර්යා­ලයේ නියෝ­ජි­ත­යන් හමු වූ අතර, තානා­ප­ති­ව­රයා සමඟ සාක­ච්ඡා­වක ද නිර­තව ඇත. ඔහු වරායේ ප්‍රධාන ව්‍යාපා­රික ක්ෂේත්‍ර 5 පිළි­බඳ සවි­ස්ත­රා­ත්මක වාර්තා­වක් තනා­ප­ති­ව­ර­යාට දුන් අතර, RORO, තෙල් සහ ගෑස් අංශ­යන්හි වරාය ලබා ඇති විශේෂ වර්ධ­නය ද ඔවු­නට පෙන්වා දී තිබේ.

හම්බ­න්තොට ජාත්‍ය­න්තර වරාය විසින් ක්‍රියා­ත්මක කර ඇති නව­තම බහා­ලුම් මෙහෙ­යුම් සේවාව පිළි­බ­ඳව කරුණු පැහැ­දිලි කර, වසර අව­සන් වන විට තොග හැසි­ර­වීම් ප්‍රමා­ණය ද වැඩි කිරී­මට අපේක්ෂා කරන බව තිස්ස වික්‍ර­ම­සිංහ මහතා වැඩි­දු­ර­ටත් පැව­සීය. හම්බ­න්තොට ජාත්‍ය­න්තර වරායේ සමාජ සහ පාරි­ස­රික ව්‍යාපෘති සහ අනා­ගත සැල­සුම් ද සාක­ච්ඡා­වට ඇතු­ළත් විය.

තානා­පති කාර්යා­ලයේ නියෝජ්‍ය ආර්ථික උප­දේ­ශක හේමා රාම­ච­න්ද්‍රන් මෙන­විය සහ මාධ්‍ය පරි­වා­රක නිල­ධාරි දිනුෂා ඉලේ­පෙ­රුම මෙන­විය ද තානා­ප­ති­ව­රයා සමඟ මේ සංචා­ර­යට සහ­භාගි වූහ. හම්බ­න්තොට ජාත්‍ය­න්තර වරායේ ප්‍රධාන මෙහෙ­යුම් නිල­ධාරි තිස්ස වික්‍ර­ම­සිංහ මහතා විසින් තානා­ප­ති­ව­ර­යාට සමරු තිළි­ණ­යක් පිළි­ගන්වා තිබේ.

මහින්ද අලු­ත්ගෙ­දර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT