Saturday, April 27, 2024
Home » කඩුවෙල නිවසකින් කාන්තා මළසිරුරක්

කඩුවෙල නිවසකින් කාන්තා මළසිරුරක්

by chanaka
March 28, 2024 9:01 am 0 comment

කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ නිවසක් තුළ තිබී කාන්තා මළසිරුරක් සොයාගෙන තිබේ.

කාන්තාව මියගොස් සිටි ස්ථානය අවට ලේ පැල්ලම් කිහිපයක්ම දක්නට ඇති බව පොලීසිය සඳහන් කළේය.

මරණකාරිය නිවසේ තනිවම සිටින අවස්ථාවේ දී ඇය පිළිබඳ අසල්වාසීන් විසින් කළ සෝදිසියකදී නිවස තුළ බිම වැටී සිටියදී හමුවී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි දෙදරු මවක් වන අතර ඇයගේ දියණිය හා පුත්‍රයා රැකියාවට ගොස් සිටි අතරවාරයේ මෙය සිදුවී ඇති බව සදහන්වේ.

මෘතශරීරය මහේස්ත්‍රාත් පරීක්‍ෂණය සිදු කර පශ්චාත් මරණ පරීක්‍ෂණය සදහා මුල්ලේරියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT