Home » බ්‍රිතාන්‍ය විදේශ ඇමැති ඊශ්‍රායලයට යයි

බ්‍රිතාන්‍ය විදේශ ඇමැති ඊශ්‍රායලයට යයි

by sachintha
April 18, 2024 1:56 am 0 comment

ඉරානය විසින් පසුගියදා එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බ්‍රිතාන්‍ය විදේශ ඇමැති කැමරොන් සාමිවරයා (ඩේවිඩ් කැමරොන්) ඊයේ ඊශ්‍රායලයේ සංචාරයක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ ජෙරුසලම් නුවරට ගිය බ්‍රිතාන්‍ය විදේශ ඇමැතිවරයා වාර්තාකරුවන්ට ප්‍රකාශ කර ඇත්තේ ඉරානයේ බිහිසුණු ප්‍රහාරය සම්බන්ධව බ්‍රිතාන්‍යයේ සහයෝගිතාව පෙන්වීම එම සංචාරයේ අරමුණ බවය.

මේ මොහොතේදී ඊශ්‍රායලය බුද්ධිමත්ව සහ නිර්භීතව කටයුතු කළ යුතු බවත් කැමරොන් සාමිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. අවශ්‍ය වන්නේ නැවත හමාස් සංවිධානය වෙත අවධානය යොමු කිරීම බව ඔහු අවධාරණය කර ඇති අතර, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සම්බන්ධවත්, ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සම්බන්ධවත් වැඩි අවධානය යොමු කළ යුතු යැයි බ්‍රිතාන්‍ය විදේශ ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

සිය සංචාරය අතරතුර පලස්තීනයේ අගමැති මොහොමඩ් මුස්තාෆා මුණගැසී සාකච්ඡා කිරීමට ද කැමරොන් සාමිවරයා සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT