Home » ඊශ්‍රායල යුද කැබිනෙට්ටුව තුන්වැනි වරටත් රැස් වෙයි
ඉරානයට පහර දෙනවාද නැද්ද

ඊශ්‍රායල යුද කැබිනෙට්ටුව තුන්වැනි වරටත් රැස් වෙයි

by sachintha
April 18, 2024 1:56 am 0 comment

 

ඉරාන හමුදාව විසින් පසුගියදා එල්ල කරනු ලැබූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධව තීරණයක් ගැනීමට ඊශ්‍රායල යුද කැබිනෙට්ටුව තුන්වැනි වතාවටත් රැස් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව ඊශ්‍රායලය තවදුරටත් අවධානය යොමු කර ඇත්තේ යුදමය පියවරකට නොයන ලෙස අමෙරිකාව ඇතුළු මිත්‍ර පාර්ශ්ව අවවාද කරමින් සිටින අවස්ථාවකදීය. ඉරාන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්විය යුතු බවට පළමු වරට යුද කැබිනෙට්ටුව රැස්වූ දිනයේදි ඊශ්‍රායල හමුදා ප්‍රධානි හර්සි හෙල්වි ප්‍රකාශ කර ඇති අතර, දෙවැනි රැස්වීමේදී ද ඒ පිළිබඳ තීරණයක් ගැනීම ඊයේ දක්වා කල් දැමීමට ඊශ්‍රායල අගමැතිවරයා පියවර ගත් බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT