Home » සමර් සීසන් විවෘත බැඩ්මින්ටන් 20දා නුවරඑළියේදී ඇරැඹේ

සමර් සීසන් විවෘත බැඩ්මින්ටන් 20දා නුවරඑළියේදී ඇරැඹේ

by sachintha
April 18, 2024 1:52 am 0 comment

ජයග්‍රාහකයන්ට රුපියල් 7,50,000ක මුදල් ත්‍යාග පිරිනැමෙන ‘සමර් සීසන්‘ සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලිය මේ මස 20 සිට 28 දින දක්වා නුවරඑළිය නගරසභා ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සමඟ එක්ව මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවනු ලබන මේ තරගාවලිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ පළමු මට්ටමේ තරගාවලියක් වන අතර, ඊට විවෘත, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ සහ ඒකාබද්ධ වයස් කාණ්ඩ ඇතුළත් ය. විවෘත අංශයට පිරිමි හා කාන්තා ඒකල, යුගල, මිශ්‍ර සහ කණ්ඩායම් තරග ඇතුළත් වන අතර, කනිෂ්ඨ තරග අංශයට අවුරුදු 11න් පහළ වයස් කාණ්ඩයේ සිට අවුරුදු 19න් පහළ වයස් කාණ්ඩය දක්වා තරග ඇතුළත් ය. අවුරුදු 30න් ඉහළ වයස් කාණ්ඩයේ සිට අවුරුදු 70න් ඉහළ වයස් කාණ්ඩය දක්වා තරග ජ්‍යෙෂ්ඨ අංශයට ඇතුළත් වන අතර, අවුරුදු 110ට වැඩි කාන්තා හා පිරිමි යුගල සහ මිශ්‍ර යුගල තරග අංශය ඒකාබද්ධ වයස් කාණඩ යටතේ පැවැත්වේ. මීට අමතරව අවසන් පූර්ව වටයේ පරාජිතයන් සඳහා පළඟ අංශයේ තරග පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT