Home » පාණදුර ශ්‍රී සුමංගල-මාතර රාහුල අවසන් පූර්ව තරගය අද සහ හෙට
19න් පහළ දෙවැනි කොටස ටියර් ‘ඒ’ පාසල් දෙදින ක්‍රිකට්

පාණදුර ශ්‍රී සුමංගල-මාතර රාහුල අවසන් පූර්ව තරගය අද සහ හෙට

by sachintha
April 18, 2024 1:51 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටස ටියර් ‘ඒ’ දෙදින ක්‍රිකට් තරගාවලියේ පාණදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය අතර පළමු අවසන් පූර්ව තරගය අද (18) සහ හෙට (19) කොළඹ 5, ඒස් කැපිටල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙවර තරගාවලියේදී පාසල් කණ්ඩායම් 18 ක් පළමු වටයේදී කාණ්ඩ 2ක් යටතේ තරග වැදුණු අතර, කාණ්ඩ 2න්ම කණ්ඩායම් 4ක් බැගින් කණ්ඩායම් 8ක් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

පාණදුර ශ්‍රී සුමංගල විද්‍යාලය, වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල, මාතර රාහුල විද්‍යාලය සහ කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය එක්ස් කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර, ‘වයි‘ කාණ්ඩයෙන් මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය, පාණදුර ශාන්ත ජෝන් විද්‍යාලය සහ කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

පාණදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයේදී කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය පරදවමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර, මාතර රාහුල විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයේදී අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය පරදවමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත් විය.

අද තරගයේදී පාණදුර ශ්‍රී සුමංගල විද්‍යාල පිල විදූෂ පීරිස් විසින් මෙහෙයවනු ලබන අතර, මාතර රාහුල විද්‍යාල පිල පසිඳු ෂෙහාන් විසින් මෙහෙයවනු ලබයි.

පාණදුර ශ්‍රී සුමංගල විද්‍යාලයීය පිල: විදූෂ පීරිස් (නායක), කවිඳු ගයාත්‍ර (උපනායක), විශ්ව ළහිරු, රසික ඩිල්ෂාන්, මන්මිත කහපොලආරච්චි, අකිල වෙදමුල්ල, සෙනිර විජේගුණසිංහ, මෙවිඳු කුමාරසිරි, ක්‍රිෂාන් එරංග, නේක්ෂ ඉද්දමල්ගොඩ, ඩිනාල් වීරසිංහ, සංදීප වීරසිංහ, බිහඟ සිල්වා, අනුහස් ද සිල්වා, රුසිත් ජයවර්ධන, ප්‍රියංකර නන්දසේන මහතා (කණ්ඩායම් භාර ආචාර්ය), අසේල පෙරේරා මහතා (ප්‍රධාන පුහුණුකරු), දිනුක හොඳකන්ද මහතා (සහාය පුහුණුකරු)

මාතර රාහුල විද්‍යාලයීය පිල: පසිඳු ෂෙහාන් (නායක), සදෙව් ගමගේ, මිනුග වෙදමුල්ල, රිසිනු ගීනුක, සේලක් පීරිස්, සෙහත් හෙට්ටිආරච්චි, රෙසාලි වත්විදු, හසික කුමාරප්පෙරුම, සඳනෙත් රවින්ද, ආයු කවිරාජ්, ඉෂන්ත ගිම්හාන්, සෙනුක් දෙව්දිත, උචිත නෙතාර, ප්‍රමුදිත නවාංජන, නවිරු නෙත්වන්, නෙහාන් නිර්මල, ඉජිත ඉන්දුම, ඩී.පී.එම්.සී. වෛද්‍යරත්න මහතා (කණ්ඩායම් භාර ආචාර්ය), තරිඳු නරසිංහ මහතා (ප්‍රධාන පුහුණුකරු), පබසර ජයවීර මහතා (සහාය පුහුණුකරු), යුරාජ් චලක මහතා (සහාය පුහුණුකරු)

 

ඉෂානි යද්දෙහි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT