Home » රංගන හේරත්ගෙන් හිස් වූ බංග්ලාදේශ දඟ පන්දු පුහුණුකාර ධුරය මුෂ්ටාක් අහමඩ්ට

රංගන හේරත්ගෙන් හිස් වූ බංග්ලාදේශ දඟ පන්දු පුහුණුකාර ධුරය මුෂ්ටාක් අහමඩ්ට

by sachintha
April 18, 2024 1:50 am 0 comment

පාකිස්තානයේ හිටපු පා දඟ පන්දු යවන්නකු වන මුෂ්ටාක් අහමඩ් මේ වසරේ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය අවසන් වනතුරු බංග්ලාදේශ පිලේ දඟ පන්දු පුහුණුකරු ලෙස පත් කර ඇත. 53 හැවිරිදි මුෂ්ටාක් අහමඩ් මේ මස අගභාගයේදී සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගාවලියට පෙර බංග්ලාදේශ කණ්ඩායමට එක්වනු ඇතැයි ද වාර්තා වේ.

මුෂ්ටාක් අහමඩ් බංග්ලාදේශ පිලේ දඟ පන්දු පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ මීට පෙර එම තනතුරෙහි කටයුතු කළ රංගන හේරත් වෙනුවටය. පසුගිය වසරේ අගභාගයේදි නවසීලන්තය සමඟ පැවැති පළමු ටෙස්ට් තරගයෙන් පසු රංගන හේරත් එම තනතුරෙන් ඉවත් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT