Home » සිංහල අලුත් අවුරුදු උත්සවයක් ඊශ්‍රායලයේදී – ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයෝ 2,000කට වැඩි පිරිසක් එක්වෙති

සිංහල අලුත් අවුරුදු උත්සවයක් ඊශ්‍රායලයේදී – ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයෝ 2,000කට වැඩි පිරිසක් එක්වෙති

by sachintha
April 18, 2024 1:50 am 0 comment

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් සංවිධානය කළ අලුත් අවුරුදු උත්සවයක් ඊශ්‍රායලයේදී පවත්වා තිබේ. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඊශ්‍රායලයේ ප්‍රජාව හා එක්ව සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය සමරා තිබෙන අතර ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 2,000කට අධික සංඛ්‍යාවක් සමඟ ජෙරුසලමේ සචර් උද්‍යානයේ පැවැත්වූ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය සඳහා ශ්‍රී ලාංකික ප්‍රජා කණ්ඩායම් වන ජෙරුසලම් ක්‍රිකට් සමාජය සහ ජෙරුසලම් තරුණ සංවිධානය ප්‍රධාන වශයෙන් අනුග්‍රහය දැක්වූ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

අලුත් අවුරුදු උත්සවයේ දී ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයන් සහ ඊශ්‍රායල ජාතිකයන් උත්සව සඳහා සහභාගි වී තිබෙන අතර වැඩසටහනෙන් අනතුරුව සාම්ප්‍රදායික අලුත් අවුරුදු ක්‍රීඩා, වැඩිහිටියන්ට හා ළමයින්ට සංස්කෘතික සංදර්ශන ද පවත්වා තිබේ.

සමාරම්භක උත්සවයට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සහ හයිෆා සහ උතුරු ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා ගෞරවනීය කොන්සල් ඇනට් බර්න්ස්ටයින්-රීච් මහත්මිය, ඊශ්‍රායලයේ නීමා බැංකුවේ නියෝජිත සහ ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවේ සාමාජිකයන් සහභාගි වී ඇත.

ජනප්‍රිය නිවේදක හරීන්ද්‍ර ජයලාල්,ටෙලි නාට්‍ය නළු නිළියන් වන ප්‍රියන්ත සෙනෙවිරත්න, පියුමි බොතේජු මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT