Thursday, May 2, 2024
Home » රස වින්දනයට දරුවන් හුරුකරන වැඩමුළු පෙළක්

රස වින්දනයට දරුවන් හුරුකරන වැඩමුළු පෙළක්

by sachintha
April 19, 2024 1:00 am 0 comment

පසුගියදා අම්පාර, පරගහකැලේ මහ විදුහලේදී සිනමා කලාව පිළිබඳව වැඩමුළුවක් සිනමාවේදී ශමීර රංගන නාඔටුන්න විසින් සිදු කරන ලදි. මෙම වැඩමුළුව සඳහා ආරාධිත පාසලක් ලෙස අම්පාර බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය ද සහභාගි විය.
සිනමාශාලා වැසීගිය, සිනමාවෙන් ඈත් වූ දිස්ත්‍රික්කයක් වන අම්පාර දිස්ත්‍රික්කයේ සිසුන්ට උසස් සිනමාව ගැන අවබෝධයක් ලබාදීම මෙම වැඩමුළුවේ අරමුණ විය. දැනට ඔවුන් ආකර්ෂණය වී සිටින්නෙ පහළ රසයකින් යුත් යූ ටියුබ් විඩියෝ වෙතය. හීනවන රසවින්දනයෙන් සිසුන් මුදවාගැනීම මෙම වැඩමුළුවෙහි එක් අරමුණක් විය. දීර්ඝකාලීනව සිනමාව පිළිබඳව සහ රසාස්වාදය පිළිබඳව අම්පාර දිස්ත්‍රික්කයේ පාසල්වලට තවදුරටත් පහසුකම් අවශ්‍ය වන අතර එමඟින් පාසල් දරුවන් තුළ උසස් සිනමාව පිළිබඳව නිසි අවබෝධයක් ඇති කර ගැනීමට ද හැකියාව තිබේ.
උදිත ගුණවර්ධන

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT