Sunday, May 5, 2024
Home » මන්ත්‍රී වේලුකුමාර් උද්ඝෝෂකයන් කුපිත කළා ලංකා කම්කරු කොංග්‍රසයේ සහකාර මහ ලේකම් එම්. එස්. එස්. සෙල්ලමුත්තු

මන්ත්‍රී වේලුකුමාර් උද්ඝෝෂකයන් කුපිත කළා ලංකා කම්කරු කොංග්‍රසයේ සහකාර මහ ලේකම් එම්. එස්. එස්. සෙල්ලමුත්තු

by sachintha
April 26, 2024 1:17 am 0 comment

 

ගම්පොළ, පුස්සැල්ලාව නගරයේ උද්ඝෝෂණයක නියැළෙමින් සිටි පිරිසක් කුපිත කිරීමට සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. වේලුකුමාර් මහතා උත්සාහ දැරීම ලංකා කම්කරු කොංග්‍රසයේ සහකාර මහ ලේකම්වරයා ඇතුළු පිරිසක් විසින් ඔහුට මරණ තර්ජන එල්ල කළ බව කියන සිද්ධියට හේතුව යැයි එම කොංග්‍රසයෙන් පෙරේදා (24) පැවති මධ්‍ය හමුවකදී අවධාරණය කෙරිණි.

ලංකා කම්කරු කොංග්‍රසයේ සහකාර මහ ලේකම් එම්. එස්. එස්. සෙල්ලමුත්තු මහතා මේ සම්බන්ධයෙන් මෙලෙස පැවැසුවේය.

“වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1700ක් කරන ලෙස ඉල්ලමින් පුස්සැල්ලාව නගරයේ උද්ඝෝෂණ පෙළපාලියක් පැවැත්වීමට ලංකා කම්කරු කොංග්‍රසය පියවර ගෙන තිබුණා. එම අවස්ථාවේ මේ මන්ත්‍රීවරයා පුස්සැල්ලාව නගරයේ නිවෙසකට යන අතරතුර උද්ඝෝෂකයන් පිරිසකට කම්කරු කොංග්‍රසය උඹලා බොරුවට රවටනවා. ඒ නිසා ගෙදර පලයල්ලා කියා ප්‍රකාශ කර තිබෙනවා.

එයින් කෝප වූ මේ පිරිස ඒ ගැන අහන්න මන්ත්‍රීවරයා සිටි ස්ථානයට ගිය වෙලාවේ බහින්බස්වීමක් සිදු වෙලා තියෙනවා. මම එතැනට ඇවිත් මේක පාලනය කළා. අපි අහන්නේ ඇයි මේ උද්ඝෝෂකයන් අතරට ඇවිත් වේලුකුමාර මන්ත්‍රීවරයා ජනතාව කුපිත කළේ. අන්තිමට එයා අපට විරුද්ධව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති ළඟ බොරු පැමිණිල්ලකුත් දාලා තියෙනවා. අපිත් මේ ගැන සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා පුස්සැල්ලාව පොලිසියේ පැමිණිල්ලක් දැම්මා.

වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කරන්න කියලා මුල ඉඳලම ලංකා කම්කරු කොංග්‍රසය තමයි බලපෑම් කරන්නේ. වේලුකුමාරලා මේ අයට රුපියලක්වත් අරන් දී නෑ. එයා වතු හාම්පුතුන් එක්ක ඩීල් ගහලා අන්තිමට වතුකම්කරුවා පාවා දෙනවා.

මන්ත්‍රීවරයා ඇති කළ මේ ගැටුම ගැන සාධාරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස අපි නීතියෙන් ඉල්ලා සිටිනවා.”

ගම්පොළ සමුහ සුරංග දිල්හාන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT