Monday, May 6, 2024
Home » මිනිස් සිරුරට අහිතකර තේ නිපදවන කම්හලක් ගම්පොළ ගල්පායෙන් වටලයි

මිනිස් සිරුරට අහිතකර තේ නිපදවන කම්හලක් ගම්පොළ ගල්පායෙන් වටලයි

by sachintha
April 26, 2024 1:16 am 0 comment

කසළ තේ යළි සකසා හොඳ ඒවාට කලවම් කරලා / කිලෝ විසිදහසකට වැඩි ප්‍රමාණයක් අල්ලයි

කසළ තේ යොදා ගනිමින් මිනිස් සිරුරට අහිතකර ආකාරයෙන් තේ නිෂ්පාදනය කරන ගම්පොළ ගල්පාය ප්‍රදේශයේ ප්‍රසිද්ධ තේ කර්මාන්ත ශාලාවක් වැටලූ ගම්පොළ විශේෂ කාර්ය බළකා නිලධාරින් එහි තිබූ කසළ තේ කිලෝ විසිදහසකට අධික ප්‍රමාණයක් සමඟ එහි කළමනාකාරවරයා ඊයේ(25) අත්අඩංගුවට ගනු ලැබීය.මේ කර්මාන්ත ශාලාවේ හොඳ තේ නිෂ්පාදනය කරන අතර විවිධ ප්‍රදේශවලින් ගෙන එන මේ කසළ තේ ගබඩාවල සඟවා තබා නොයෙකුත් රසායනික ද්‍රව්‍යය හා වර්ණක යොදා එම කසළ තේ නැවත සකසා මේ හොඳ තේ සමඟ කවලම් කර ජාවාරම් කරන බව අනාවරණය වී තිබේ. විශේෂ කාර්ය බළකා නිලධාරින් යොදවා මෙහි තොරතුරු සෙවීමෙන් පසු මේ වැටලීම සිදුකළ අතර මේ ජාවාරම දිගු කලක සිට මොවුන් කර තිබෙන බව අනාවරණය වී තිබේ.

කර්මාන්ත ශාලාව වෙත විවිධ ස්ථානවලින් ගෙන එන මේ කසළ තේ තොග හෙළිදරව් නොවීම සඳහා මේ කර්මාන්ත ශාලාවේ ඇති සි.සි.ටී.වී. කැමරා පද්ධතිය අක්‍රීය කර ඇති බව විශේෂ කාර්ය බළකා නිලධාරීන් කළ සොයා බැලීමකදී හෙළිවිය. ගම්පොළ තේ මණ්ඩලයේ නිලධාරීන් ඉදිරියේ මේ කසළ තේ පරීක්ෂා කළ අතර මේ සැකකරු හා තේ තොගය ඉදිරි කටයුතු සඳහා ගම්පොළ කුරුඳුවත්ත පොලිසිය වෙත භාරදීමට නියමිතය.

ගම්පොළ -සුරංග දිල්හාන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT