Home » අන්තර්ජාල ලිංගික ක්‍රියාකාරකම්වලට අත්අඩංගුවට පත් තරුණිය රිමාන්ඩ්

අන්තර්ජාල ලිංගික ක්‍රියාකාරකම්වලට අත්අඩංගුවට පත් තරුණිය රිමාන්ඩ්

by mahesh
September 27, 2023 1:00 am 0 comment

අන්තර්ජාලයේ සජීවී ලෙස ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙමින් නිරුවත් ඡායාරූප මුදාහැර මුදල් ඉපයීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තරුණියක අද (27) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (26) නියෝග කළේය.

සැකකාර කාන්තාව එක් අවස්ථාවකට රුපියල් විසිදාහක් හා තිස් දාහක් අතර මුදලක් ගනුදෙනුකරුවන්ගෙන් අයකර ගන්නා බවත් එකී මුදල සිය ගිණුමට බැර වීමෙන් පසු නිරුවත් ඡායාරූප හා ලිංගික ක්‍රියාකාරකම් අන්තර්ජාලය හරහා ගනුදෙනුකරු වෙත මුදාහරින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දැනුම් දුන්නේය.

පොලිස්පතිවරයාගෙන් ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ. අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර තරුණිය අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

සිරන්ජනී කුමාරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT