Home » පාදුක්ක අවට බිත්තර මිල ගණන් හිටිහැටියේ ඉහළ ගිහින්

පාදුක්ක අවට බිත්තර මිල ගණන් හිටිහැටියේ ඉහළ ගිහින්

by sachintha
April 10, 2024 2:35 am 0 comment

සිංහල – හින්දු අලුත් අවුරුදු සමය ආරම්භ වීමත් සමඟම පාදුක්ක හා අවට ප්‍රදේශවල බිත්තර මිල ගණන් හිටිහැටියේ ඉහළ ගොස් ඇතැයි පාරිභෝගික ජනතාව පවසති.

මීට දින 4 – 5 කට ඉහතදී රුපියල් 40ත් 43ත් අතර මිලකට අලෙවි කළ බිත්තරයක්, මේ වන විට සමහර තොග රඳවාගෙන සිටි වෙළෙඳුන් රුපියල් 50 ත් 55 අතර මුදලකට අලෙවි කරන බව ජනතාව පවසති.

දේශීය බිත්තර මිල පසුගිය සතියේ අඩුවීමට සමගාමීව ලංකා සතොස වෙළෙඳ සල්වල ද බිත්තර මිල අඩු කිරීමත් සමඟම පාරිභෝගික ජනතාව තමන්ට අවශ්‍ය බිත්තර තොග වශයෙන් සතොස වෙළෙඳසල්වලින් මිලදී ගැනීම සිදුකෙරුණි.

එවැනි තත්ත්වයක් මත බිත්තර තොග වෙළෙදුන් ක්‍රමානුකූලව වෙළෙඳපොළට බිත්තර නිකුත් කිරීම සීමා කිරීමත් සමඟම සතොස වෙළෙඳසල්වල ද බිත්තර හිඟයක් පැවතුණි.

ඒ අනුව මේ වනවිට ප්‍රදේශයේ සතොස වෙළෙඳසල්වල බිත්තර හිඟවීමත් සමඟම පාදුක්ක අවට වෙළෙඳසල්වල බිත්තර හිඟයක් ඇති වී තිබෙන අවස්ථාවක, තොග රඳවා ගෙන සිටි සමහර වෙළෙඳුන් රුපියල් 50 – 55 අතර මුදලකට බිත්තරයක් අලෙවි කිරීම සිදු කරන බවත් ඔවුහු පවසති. මෙවැනි තත්ත්වයක් මත ඉදිරියේදී බිත්තර මිල සැලසුම්සහගතව තවත් ඉහළ යෑමට බොහෝ අවස්ථාවන් ඇති බව පවසන පාරිභෝගික ජනතාව, එවැනි තත්ත්වයකට පාරිභෝගික ජනතාව මුහුණදීම වැළැක්වීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ඔවුහු වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටිති.

පාදුක්ක සමූහ – රෙක්සි වෙත්තසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT