Home » අම්බ­ල­න්තොට වලවේ ගඟේ පාලම දැඩි අඳුරේ

අම්බ­ල­න්තොට වලවේ ගඟේ පාලම දැඩි අඳුරේ

by damith
April 27, 2024 1:02 am 0 comment

අම්බ­ල­න්තොට වලවේ ගඟේ පාලමේ වීදි පහන් අක්‍රිය වී ඇති හෙයින් පාලමේ එක් පැත්තක් කළු­වරේ පව­තින බව ප්‍රදේ­ශ­වා­සීහු පව­සති. තංගල්ල හම්බ­න්තොට ප්‍රධාන මාර්ගය පිහිටා ඇති වලවේ ගඟේ පාලමේ දෙපස වීදි පහන් සවි­කර ඇතත් එක් පැත්තක විදි පහන් අක්‍රී­ය­වීම හේතු­වෙන් එම පැත්ත රාත්‍රී කාලයේ කළු­වරේ පව­තින හෙයින් පාලම මතින් රාත්‍රි කාලයේ ගමන් කරන පදි­ක­යන්ද දැඩි අප­හ­සු­තා­වට පත්ව සිටිති. ස්වයං­ක්‍රීය ලෙස දැල්වෙන හා නිවී යන මේ විදී පහන් පද්ධ­තිය සවි කර තිබී­මෙන් අම්බ­ල­න්තොට නග­ර­යට ප්‍රවේශ වන පාලම රාත්‍රි කාලයේ ආලෝ­ක­මත් වී තිබු අතර දැනට එක් කොට­සක් අක්‍රි­ය­වීම හේතු­වෙන් නගර අලං­ක­ර­ණ­යට ද බාධා­වක් වී ඇති බව ඔවුහු පව­සති.

ලුණම සමුහ- සනත් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT