Home » නි‍ෙවසේ මුළු­තැ­න්ගෙයි එකතු වන කස­ළ­ව­ලින් ගෑස් නිප­ද­වලා

නි‍ෙවසේ මුළු­තැ­න්ගෙයි එකතු වන කස­ළ­ව­ලින් ගෑස් නිප­ද­වලා

බළ­න්ගො­ඩින් නව නිපැ­යු­ම්ක­රු­වෙක්

by damith
April 27, 2024 1:02 am 0 comment

නිවසේ මුළු­තැ­න්ගෙ­යින් එකතු වන කසළ එකතු කර ගෑස් නිප­ද­වී­මට බළ­න්ගොඩ මිරි­ස්වත්ත ප්‍රදේ­ශයේ පදිංචි නව නිපැ­යු­ම්ක­රු­වෙකු සමත් වී තිබේ. මොහොම්ඩ් පිර්ද­විස් රෂිඩ් නැමැති අයෙකු මෙලෙස නිවසේ මුළු­තැ­න්ගෙ­යින් ඉවත දමන දිරන කසළ එකතු කර ඒවා බැර­ල්ව­ලට එකතු කර ගෑස් නිෂ්පා­ද­නය කර තිබේ. මේ කසළ පරි­ස­ර­යට මුදා නොහැර පරි­ස­ර­යත් ආරක්ෂා කර­මින් මෙලෙස ගෑස් නිෂ්පා­ද­නය කර එම ගෑස් මඟින් නිවසේ ආහාර පිසීම සිදු කරන අයුරු එහි ගිය අපට දක්නට ලැබුණි. ගෑස් නිප­ද­වී­මෙන් පසු අතුරු නිෂ්පා­ද­න­යක් ලෙස දියර පොහොර නිප­ද­වන අතර එම දියර පොහොර භාවිත කර එළ­වළු වගා කිරී­මට ද ඔහු කට­යුතු කර තිබේ.

මේ සම්බ­න්ධ­යෙන් මොහො­මඩ් පිර්ද­විස් රෂිඩ් මහතා පැව­සුවේ මගේ නිවසේ මුළු­තැ­න්ගෙ­යින් එකතු වෙන දිරන කසළ එකතු කර ඒවා බැර­ල්ව­ලට දමා දින කීප­යක් ජීර්ණය වෙන්න හරි­නවා. මේ සඳහා බැරල් පහක් පමණ භාවිත කර­නවා. පසුව එම බැර­ල්ව­ලට බට සවි­කර එයින් ගෑස් නිප­ද­වීම සිදු කර­නවා. ඉතිරි කොට­සින් අතුරු නිෂ්පා­ද­න­යක් ලෙස කාබ­නික දියර පොහොර නිප­ද­ව­නවා.

මෙලෙස නිප­ද­වන ගෑස් භාවිත කර තමයි නිවසේ ආහාර පිසීම කරන්නේ. කාබ­නික දියර පොහොර යොදා එළ­වළු වගා­වක් ආරම්භ කළා. මේක පරි­ස­රය ආරක්ෂා කරන නව සොයා ගැනී­මක්. මේ නිෂ්පා­දන වැඩි දියුණු කර හොඳ ව්‍යාපා­ර­යක් ආරම්භ කර හොඳ ආදා­ය­මක් ලබා ගැනීම තමයි මගේ අර­මුණ. ඒ සඳහා උදව් උප­කාර කිරී­මට කැමති ආය­ත­නය මඟින් මෙම වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය උදව් ඉල්ලා සිටි­නවා.

බළ­න්ගොඩ විශේෂ - සම්පත් ප්‍රිය­න­න්දන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT