Saturday, April 27, 2024
Home » ජපුර සරසවියේ “සංශක්තී” සඟරාවේ මංගල කලාපය එළි දැක්වෙයි

ජපුර සරසවියේ “සංශක්තී” සඟරාවේ මංගල කලාපය එළි දැක්වෙයි

by yasara
October 5, 2023 8:19 pm 0 comment

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ ශාස්ත්‍රීය සඟරාව “සංශක්ති” එළි දැක්වීම අද (05) උදෑසන විශ්වවිද්‍යාලීය සුමංගල ශාලාවේ දී පැවැත්විණි.

 

සමාජවිද්‍යා ශාස්ත්‍රීය ලිපි 13 කින් සමන්විත සංශක්ති සඟරාව එළි දැක්වීමේ උත්සවයේ ප්‍රධාන දේශනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ හිටපු සම්මානිත මහාචාර්ය දයා අමරසේකර මහතා විසින් සිදු කෙරිණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පද්මලාල් එම් මානගේ මහතා ,මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද මහතා,සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ අධ්‍යයනාංශ ප්‍රධාන මහාචාර්ය ඩබ්.ඒ.එස් විජේකොන් මහතා,සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ අධ්‍යයනාංශ මහාචාර්ය ජ්‍යෙෂ්ඨ මහචාර්ය මයුර සමරකෝන් මහතා ඇතුළු මානවශාස්ත්‍ර හා සමාජවිද්‍යා පීඨයේ මහාචාර්ය,ආචාර්ය ,කථිකාචාර්ය මෙන්ම අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිත පිරිසක් ‌මෙම අවස්ථාවට එක්ව සිටියහ

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT