Thursday, May 9, 2024
Home » ඩොලර් 01 කාසියට එන චාර්ල්ස් රජුගේ රුව එළි දකී

ඩොලර් 01 කාසියට එන චාර්ල්ස් රජුගේ රුව එළි දකී

by chanaka
October 5, 2023 4:49 pm 0 comment

ඔස්ට්‍රේලියා ඩොලර් 01 කාසියේ නිරූපණය කෙරෙන 03 වන චාර්ල්ස් රජුගේ රුව නිල වශයෙන් එළි දක්වා තිබේ.

ලබන නත්තලට පෙර මෙම කාසි මහජනතාව අතර සංසරණයට එක් කිරීමට සැළසුම් කර ඇත.

ඩොලර්යේ වටිනාකමැති කාසි මිලියන 10 ක් පළමුවෙන් ජනතාව වෙනුවෙන් නිකුත් කිරීමට නියමිතය.

ඩොලර් 05 නෝට්ටුවෙහි ඇතුළත් කෙරෙන චාර්ල්ස් රජුගේ රුව ලබන මාර්තු මාසයේදී එළි දැක්වෙනු ඇති බව සඳහන් කෙරේ.

චාර්ල්ස් රජුගේ රුව සහිත කාසි නිකුත් කෙරුණද 02 වන එළිසබෙත් රැජිණගේ රුව සහිත කාසි සහ නෝට්ටු තවත් දශක කිහිපයක් මෙරට ජනතාව අතර භාවිතවනු ඇති බවට අනාවැකි පළවේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT