Home » කෝවිලේ පූජාව නිසා උණුසුම් වූ පාර්ලිමේන්තුව

කෝවිලේ පූජාව නිසා උණුසුම් වූ පාර්ලිමේන්තුව

by chanaka
March 19, 2024 11:24 am 0 comment

පසුගිය දා වව්නියාවේ හින්දු කෝවිලක පුජාවක් පවත්වමින් සිටි පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු සභාගර්භයේ දී අද(19) විරෝධතාවක නිරත විය.

අද (19) උදෑසන පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එම අවස්ථාවේ දී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු විරෝධතා පුවරු අතැතිව සභාගර්භය මධ්‍යයේ විරෝධතාවය ආරම්භ කළේය.

මේ හේතුවෙන් සභාගර්භයේ වැඩකටයුතුවලට මිනිත්තු කිහිපයක් බාධා එල්ල විය.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන බව දැනුම්දීමෙන් අනතුරුව විරෝධතාවය නතර කිරීමට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු කටයුතු කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT