Saturday, April 27, 2024
Home » ලොව ප්‍රමුඛතම ජල පොම්ප නිෂ්පාදකයා වන Grundfos සඳහා නිල සේවා සහකරු බවට Hayleys Aventura පත්වේ

ලොව ප්‍රමුඛතම ජල පොම්ප නිෂ්පාදකයා වන Grundfos සඳහා නිල සේවා සහකරු බවට Hayleys Aventura පත්වේ

by sachintha
March 27, 2024 1:09 am 0 comment

ප්‍රමුඛ පෙළේ කාර්මික විසඳුම් සැපයුම්කරුවෙකු වන Hayleys Aventura ආයතනය ගෝලීය වශයෙන් කීර්තිමත් ඩෙන්මාර්කයේ ජල පොම්ප නිෂ්පාදකයා වන Grundfos සඳහා ශ්‍රී ලංකාවේ නිල සේවා සහකරු වශයෙන් තේරීපත් වී තිබේ. ඉහත සේවා සහකරු නිල නාමය යටතේ තේරී පත්වීමෙන් පසු පුළුල් පරාසයක් පුරා විහිදුණු අසමසම Grundfos නිෂ්පාදනයන් පිළිබඳ තොරතුරු සංසන්දනාත්මකව අධ්‍යයනය කිරීමට අවස්ථාවන් හිමි වේ. ඒ හරහා සේවාදායකයාට අලෙවියෙන් පසු අසමසම සේවාවක් සැපයීමට ද හැකියාව ලැබී තිබේ.

Grundfos විසින් සපයනු ලබන යෝග්‍ය හැකියාවන් වර්ධනය කිරීමේ වැඩසටහන් මඟින්, Hayleys Aventura හි කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාවේ Grundfos නිෂ්පාදන සහය පිළිබඳ විශ්වාසදායක විශේෂඥයින් ලෙස කටයුතු කරමින් පාරිභෝගික අවශ්‍යතා වෙනුවෙන් කාර්යක්ෂමව සේවා සැපයීමට අවශ්‍ය දැනුම හා කුසලතාවලින් සවිබලගන්වා ඇත.

2014 වසරේ ආරම්භ වූ මෙම හවුල්කාරීත්වය, අලෙවියෙන් පසු සේවා ඇතුළුව ශක්තිමත් පාරිභෝගික වටිනාකමක් ලබාදීමේ Hayleys Aventura හි හැකියාවන් තවදුරටත් වැඩිදියුණු කරයි.

‘සුවිශේෂි විසඳුම් ලබාදීම සඳහා අපගේ කැපවීම ශක්තිමත් කරමින් Grundfos සමඟ අපගේ උපායමාර්ගික හවුල්කාරීත්වය තුළින් ශ්‍රී ලංකාවේ නිල සේවා සහකරු ලෙස කටයුතු කිරීමට ලැබීම පිළිබඳව අප බෙහෙවින් සතුටට පත්වෙනවා. මෙම සහයෝගීතාවය හරහා අපගේ සේවා හා හැකියාවන් වැඩිදියුණු කරමින්, නව ප්‍රමීතින් සකස් කරන ඉංජිනේරුමය විශිෂ්ටත්වය තුළින් පාරිභෝගික තෘප්තිය සහතික කිරීමේ අපගේ කැපවීම තහවුරු කරනු ලබනවා’ Hayleys Aventura හි බලශක්ති ඉංජිනේරු අංශයේ ප්‍රධානී තිළිණ බණ්ඩාර මහතා මෙසේ සිය අදහස් දක්වන ලදි.

CBS APAC හි ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය විකුණුම් කළමනාකාරිනී මීනා යොද්‍රායුබ් මහත්මිය මෙම සහයෝගීතාව පිළිබඳව මෙසේ සිය අදහස් එක් කරන ලදි. ‘අපගේ මෙහෙවර වනුයේ සෑම විටම ලෝකයට ප්‍රශස්ත ජල විසඳුම් ලබාදීමයි. මෙම හවුල්කාරීත්වය Hayleys Aventura හි තවත් වටිනා හැකියාවන් ශක්තිමත් කරනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT