Home » ෆ්‍රැන්සිස්කොට් පාලමේ ගිය 06ක් තවමත් අතුරුදන්

ෆ්‍රැන්සිස්කොට් පාලමේ ගිය 06ක් තවමත් අතුරුදන්

by chanaka
March 27, 2024 9:58 am 0 comment

අමෙරිකාවේ බෝල්ටිමෝ නගරයේ ෆ්‍රැන්සිස්කොට් පාලමේ බහාලුම් නෞකාවක් ගැටීමෙන් ඊයේ(26) සිදුවූ අනතුරින් 6 දෙනෙකු තවමත් අතුරුදන් බව වාර්තා වේ. ඔවුන් සෙවීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකය.

ජලයේ පැවති උෂ්ණත්වය සහ ජලයේ රැඳී සිටි කාලය අනුව, ඔවුන් මේ වන විට මියගොස් ඇතැයි අනුමාන කරන බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකා ප්‍රධානියා සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර, අද අළුයම තවත් දෙදෙනෙකු ජලයෙන් ගොඩට ගෙන තිබේ. එක් අයෙකුගේ තත්වය බරපතල බව සදහන් වේ.

අනතුරත් සමග මේරිලන්ඩ් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කොට තිබේ.

අනතුර ඊයේ සිදු වූයේ, ඩාලි නමැති සිංගපූරු ධජය සහිත නෞකාව ෆ්‍රැන්සිස්කොට් පාලමේ කණුවක ගැටීමෙනි. ඒ සමගම පාලම මුළුමනින්ම කඩා වැටුනු අතර, පාලම මතින් ධාවනය වෙමින් තිබූ රථවාහන කිහිපයක්ද ගගට වැටී තිබුණි.

ඒවායේ සිටි 20 දෙනෙකුද ගඟට වැටි ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

නෞකාව අදාළ වරායෙන් පිටත් වීමත් සමග එහි ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන්, නෞකාවේ බලය සම්පූර්ණයෙන් අඩපන වූ බව වාර්තා වේ. එම අවස්ථාවේ නෞකාවේ විදුලි පහන් නිවී ගොස් තිබේ.

පාලනයෙන් මිදුනු නෞකාව පාලම දෙසට ඇදෙමින් තිබූ බව කාර්ය මණ්ඩලය සඳහන් කරයි. නෞකාවේ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැත.

බහාලුම් නෞකාව බෝල්ටිමෝ වරායෙන් පිටත්වී දින 27 ක ගමනකින් පසු කොළඹ වරාය වෙත ලඟා වීමට නියමිතව තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT