Home » මදනමෝදක ගුළි – රට සිගරැට් 600ක් සමඟ පුද්ගලයෙක් මාට්ටු

මදනමෝදක ගුළි – රට සිගරැට් 600ක් සමඟ පුද්ගලයෙක් මාට්ටු

by sachintha
March 27, 2024 1:00 am 0 comment

තීරුබදු ගෙවීම පැහැර හරිමින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ බවට සැකකෙරෙන විදෙස් සිගරැට් තොගයක් හා මදනමෝදක ගුළි සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පුද්ගලයකු හපුතලේ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් ඉකුත්දා වැල්ලවාය ඇල්ල පාර ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

තුර්කියේ නිෂ්පාදිත GOLD LEAF වර්ගයේ විදේශීය සිගරැට් 600ක් සමඟ මදනමෝදක ගුළි 2450ක් මෙසේ අත්අඩංගුවට පත්වූයේ දෙකේ කණුව හීනපහුව ඇල්ල පාර වැල්ලවාය යන ලිපිනයේ පදිංචි පුද්ගලයෙකි.

අදාළ ලිපිනයේ පිහිටි වෙළෙඳසලක අලෙවි කිරීමට තිබූ අදාළ සිගරැට් තොගය සම්බන්ධයෙන් විශේෂ විමර්ශන නිලධාරියෙකු වෙතින් ලැබුණු තොරතුරක් අනුව හපුතලේ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ පොලිස් පරීක්ෂක චින්තක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන ලද වැටලීමකින් සැකකරු හා භාණ්ඩ අත්අඩංගුවට ගෙන වැල්ලවාය පොලිසිය වෙත භාරදී ඇත. සැකකරු හා භාණ්ඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

හාලිඇළ සමූහ ආර්.එම්. විජේරත්නඌව වෙල්ලස්ස විශේෂ ඩී.එස්.ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT