Home » දෙවැනි ටෙස්ට් තරගයට ශකීබ් කැඳවයි

දෙවැනි ටෙස්ට් තරගයට ශකීබ් කැඳවයි

by sachintha
March 27, 2024 2:48 am 0 comment

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් කැඳවීමට බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.
ඔහු ටෙස්ට් පිටියට පිවිසෙන්නේ වසරට පසුව වීම විශේෂත්වයක් වන අතර, අවසන් වරට පසුගිය වසරේ අප්‍රේල් මස මීර්පූර්හිදී අයර්ලන්තයට එරෙහිව ක්‍රීඩා කළේය.
අනතුරුව ඔහු සීමිත ඕවර තරග ක්‍රීඩා කළත් ඇසේ ආබාධ තත්ත්වයක් හේතුවෙන් ටෙස්ට් පිටියෙන් ඈත්ව සිටියේය.
තව්හිද් හ්රිදෝයි වෙනුවට ශකීබ් සංචිතයට එක් වන අතර, කෙසේ වෙතත් හ්රිදෝයිට පළමු තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි විය.
ටෙස්ට් තරග 66කට ක්‍රීඩා කර ඇති ශකීබ් ලකුණු 4454ක් රැස් කර ඇති අතර, දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 233කි. මේ වසර මුලදී බංග්ලාදේශ මහ මැතිවරණයට ඉදිරිපත් වූ ඔහු මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වේ.
ආබාධයකට ලක්වූ මුස්ෆික් හසන් වෙනුවට නවක වේග පන්දු යවන හසාන් මහමුද් කණ්ඩායමට කැඳවා ඇති අතර, ඔහු තවමත් ටෙස්ට් වරම් හිමි කර ගෙන නැත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT