Saturday, April 27, 2024
Home » භූතානයට එරෙහි ගෝල් 2ම ද්විත්ව පුරවැසියන්ගෙන්
ශ්‍රී ලංකා පාපන්දු පිල පියවරක් උඩ යයි

භූතානයට එරෙහි ගෝල් 2ම ද්විත්ව පුරවැසියන්ගෙන්

by sachintha
March 27, 2024 2:49 am 0 comment

ශ්‍රී ලංකාව හා භූතානය අතර තරගයේ ඩිලොන් ද සිල්වා ගෝලය ලබා ගැනීමේ සතුට සැමරූ අයුරු.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ පතුලට වැටී සිටින ශ්‍රී ලංකා පාපන්දු පිල ෆීෆා සිවුකොන් ජාත්‍යන්තර සුහද පාපන්දු තරගාවලියේදී භූතානය ගෝල් 2-0කින් පරාජයට පත්කළ හෙයින් පියවරක් ඉදිරියට පැමිණීමේ හැකියාව උදාකර ගත්තේය. ඒ අනුව දැනට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 204 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකා පාපන්දු පිල එම නිල ශ්‍රේණිගත ලැයිස්තුව ප්‍රකාශයට පත්වීමත් සමඟ ඉදිරියට පැමිණෙනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වසර 3කට පසු ජාත්‍යන්තර පාපන්දු ජයක් වාර්තා කළ අතර, පරාජයට පත් වූ භූතාන පිල ලෝක ශ්‍රේණිගත කිරීමේ 184 වැනි ස්ථානයේ සිටී. එබැවින් ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට යෑමේ අවස්ථා ශ්‍රී ලංකාව සතුවේ.

ශ්‍රී ලංකා සම්භවයක් ඇති ද්විත්ව පුරවැසි විදෙස් ක්‍රීඩකයන් 14ක් ශ්‍රී ලංකා පිලට සම්බන්ධ කරගත් හෙයින් පුද්ගලික ක්‍රීඩක දක්ෂතා ඉස්මතු විය. එම වාසියෙන් 45 වැනි මිනිත්තුවේදී එංගලන්තයේ සිට පැමිණි ඩිලොන් ද සිල්වා හා 54 වැනි මිනිත්තුවේදී ඔස්ට්‍රේලියාවේ සිට මෙරටට ගෙන්වූ ද්විත්ව පුරවැසි ඔලිවර් ජේම්ස් කෙලාට් ගෝල් වාර්තා කළහ.

වසර 11කට පසු භූතාන පිල පෙරේදා ශ්‍රී ලංකාව හමුවේ පසුබෑමකට ලක්වූ අතර, අවසන්වරට 2013දී ගෝල් 5-2කින් භූතානය පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

2021 වසරේ බංග්ලාදේශය ගෝල් 2-1කින් පරාජයට පත් කිරීමෙන් වසර 3කට පසු ශ්‍රී ලංකාව කොළඹ තුරඟ තරග පිටියේදී මේ ජයග්‍රහණය වාර්තා කළේය.

කණ්ඩායම් 4ක් සහභාගී වූ මේ තරගාවලියේ තරග දෙකම ජයගත් මධ්‍යම අප්‍රිකානු පිල පළමු තැනට පත්වූ අතර, තරගයක් ජයගත් ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානය දිනා ගත්තේය. පැපුවානිව්ගිනියා හා භූතානය පිළිවෙළින් තෙවැනි හා සිවුවැනි ස්ථානවලට පත්ව ඇත.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT