Saturday, April 27, 2024
Home » දකුණු ආසියාවේ විශාලතම කාන්තා රෝහල ගාල්ලේ
මහල් 6යි-ඇඳන් 640යි-ශල්‍යාගාර 6යි

දකුණු ආසියාවේ විශාලතම කාන්තා රෝහල ගාල්ලේ

by sachintha
March 28, 2024 2:00 am 0 comment

ජර්මනියේ හිටපු චාන්සලර් හෙල්මුට්කෝල්ගේ පරිත්‍යාගයක්

දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල කරාපිටියේ ඉදිකරන ලද “ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (27) ජනතා අයිතියට පවරා දෙනු ලැබීය.

මහල් හයකින් යුත් මෙම රෝහල ඇඳන් 640කින්, ශල්‍යාගාර 6කින්, හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, රසායනාගාර, ළදරු දැඩි සත්කාර ඒකක, විශේෂ ළමා ඒකක ඇතුළු සියලු නවීන වෛද්‍ය පහසුකම්වලින් සමන්විත වන අතර අපජලය පිරිසුදු කර මුදා හැරීමේ ඒකකයකින් ද යුක්තය.

නිවාඩුවක් සඳහා 2004 වසරේ දෙසැම්බර් මාසයේදී මෙරටට පැමිණ හබරාදූව, තල්පේ ප්‍රදේශයේ සංචාරක හෝටලයක නැවතී සිටි ජර්මනියේ හිටපු චාන්සලර් හෙල්මුට්කෝල් මහතා සුනාමියෙන් දකුණු පළාතේ විශාලතම මාතෘ රෝහල වූ ගාල්ල මහමෝදර රෝහලට සිදුවූ හානිය සියැසින් දැක ගැනීමෙන් අනතුරුව මෙම නව මාතෘ රෝහල ලබා දීම සඳහා ඉදිරිපත් විය.

රෝහල ඉදි කිරීම සඳහා ජර්මන් රජය විසින් දෙන ලද ණය ආධාර මුදල යුරෝ මිලියන විසිපහකි. (රුපියල් කෝටි 357කි)

මුල් අවස්ථාවේ රෝහලේ ඉදිකිරීම් සඳහා වෙන් කෙරුණේ පර්චස් අටසීයක් වුව ද පසුව තවත් ඉඩම් කට්ටි දෙකක් ලබා ගැනීම සිදු වූ අතර මේ වන විට රෝහලේ සමස්ත භූමි ප්‍රමාණය පර්චස් දහසකට ආසන්නය.

නව මාතෘ රෝහල විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි නවීන ශල්‍යාගාර ඇතුළු පහසුකම් නිරීක්ෂණය කිරීමට ද එක් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT