Saturday, April 27, 2024
Home » අප රටට ඉතා ශක්තිමත් විදෙස් පිළිවෙතක් අවශ්‍යයි -ජාජබ නායක අනුර කුමාර දිසානායක

අප රටට ඉතා ශක්තිමත් විදෙස් පිළිවෙතක් අවශ්‍යයි -ජාජබ නායක අනුර කුමාර දිසානායක

by sachintha
March 28, 2024 2:01 am 0 comment

ශ්‍රී ලංකාවට ඉතා ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබේ. ඔහු එසේ ප්‍රකාශ කළේ කැනඩාවේ වැන්කුවර් ජන හමුවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා:

“අප රට ගොඩනැඟීමේ ව්‍යායාමය පටන් ගනිමු. රට ගොඩනැඟීම සඳහා සෑම ක්ෂේත්‍රයක් පිළිබඳව නිපුණතාවක් තිබෙන හැකියාවක් තිබෙන කණ්ඩායම් අප සතුව තිබෙනවා.

අදාළ විෂයයන් පිළිබඳ නිපුණතාවක් තිබෙන දක්ෂතාව තිබෙන අයගෙන් අපේ පාලනයක් යටතේ කැබිනට් මණ්ඩලය හදනවා. ඒක ශ්‍රී ලංකාවේ හොඳම කැබිනට් මණ්ඩලය බවට පත් වනවා. වර්තමාන ලෝක බලතුලනයේදී අපේ රට පිහිටා තිබෙන තැන ඉතා වැදගත්. අපට ඉතා ශක්තිමත් විදෙස් ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ලෝකයේ ඇති වී තිබෙන බල ගැටුමට හසු නොවන, ශ්‍රී ලංකා භූමිය යුද පිටියක් බවට පත් නොවන විදෙස් ප්‍රතිපත්තියක් අපට අවශ්‍යයි. සරලව ගත්තොත් චීන ඉන්දියා ගැටුමේ කේන්ද්‍රය බවට ලංකාව පත් නොවිය යුතුයි.”

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT