Home » සානියා මිර්සා ඡන්දෙ ඉල්ලයි

සානියා මිර්සා ඡන්දෙ ඉල්ලයි

by mahesh
March 29, 2024 1:00 am 0 comment

ඉන්දීය ටෙනිස් ක්‍රීඩිකා සානියා මිර්සා ඉන්දීය ලෝක් සභා මැතිවරණයේ අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත්වීමට සූදානම් වෙයි. ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වන ඇය හයිද්‍රාබාද් ආසනයට තරග කරනු ඇතැයි පැවසේ. කොංග්‍රස් පක්ෂය අවසන් වරට හයිද්‍රාබාද්හි ජයග්‍රහණය කළේ 1980දී කේ. එස්. නාරායන් මන්ත්‍රීවරයා යටතේ වන අතර, වසර 44කට පසු සානියාගේ ජනප්‍රියත්වයෙන් එහි ජයග්‍රහණය අපේක්ෂා කෙරේ. හයිද්‍රාබාද් හී ‘ඕල් ඉන්දියා මජ්ලිස්’ ප්‍රධානී හා දැනට එහි මන්ත්‍රී අසාදුද්දීන් ඕවාසීට එරෙහිව සානියා මිර්සා ඉදිරිපත් කිරීමට කොන්ග්‍රස් පක්ෂය සූදානම් වන අතර, අපේක්ෂකත්වය සඳහා මිර්සාගේ නම හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සහ හිටපු කොන්ග්‍රස් මහජන මන්ත්‍රී මොහොමඩ් අසාරුදීන් විසින් යෝජනා කර තිබේ.

ඉන්දියාවේ වඩාත්ම සාර්ථක කාන්තා ටෙනිස් ක්‍රීඩිකාව වූ මිර්සා පසුගියදා ඉන්දියාවේ වඩාත් ජනප්‍රියත්වය පත් වූයේ පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක ෂොයිබ් මලික්ගේ දික්කසාදයෙනි.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT