Home » රට විරු­වන් පළමු දෙම­සට රු. කෝටි 29,000ක් රටට ගෙනල්ලා

රට විරු­වන් පළමු දෙම­සට රු. කෝටි 29,000ක් රටට ගෙනල්ලා

2023ට සාපේ­ක්ෂව පෙබ­ර­වා­රි­යේදී කෝටි 2,070ක වර්ධ­න­යක්

by damith
March 30, 2024 1:30 am 0 comment

ශ්‍රී ලංකාව ආර්ථික වශ­යෙන් සවි­මත් කිරීම සඳහා සුවි­ශේෂ දාය­ක­ත්ව­යක් සප­යන විදෙ­ස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව මේ වසරේ ජන­වාරි සහ පෙබ­ර­වාරි මාස­ව­ලදී රුපි­යල් කෝටි 28,920ක (රුපි­යල් මිලි­යන 289,200/ අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 964ක) මුද­ලක් මෙර­ටට ප්‍රේෂ­ණය කර තිබේ.

ඒ අනුව මේ වසරේ ජන­වාරි මාසයේ ඩොලර් මිලි­යන 488ක් සහ පෙබ­ර­වාරි මාසයේ ඩොලර් මිලි­යන 476ක් වශ­යෙන් එම මුදල මෙර­ටට ලැබී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නව­තම වාර්තා­වක් පෙන්වා දෙයි. මේ අතර පසු­ගිය 2023 වසරේ පෙබ­ර­වාරි මාසයේ මෙර­ටට ලැබී තිබෙන ප්‍රේෂ­ණ­වල වටි­නා­කම අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 407ට සාපේ­ක්ෂව මෙව­සරේ පෙබ­ර­වා­රි­යේදී ඩොලර් මිලි­යන 69ක (ආසන්න රුපි­යල් කෝටි 2,070ක) වර්ධ­න­යක් පෙන්නුම් කරන බවද ඒ වාර්තාව සඳ­හන් කරයි.

පසු­ගිය 2023 වසරේ ජන­වා­රි­යේදී අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 437ක් විදෙ­ස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමි­ක­යන් විසින් මෙර­ටට ප්‍රේෂ­ණය කර තිබෙන අතර, ඒ අනුව විදේශ සේවා නියු­ක්ති­ක­යන්ගේ ප්‍රේෂණ 2024 වස­රේදී පෙර වසරේ අනු­රූප කාල­ප­රි­ච්ඡේ­ද­යට සාපේ­ක්ෂව ඉහළ යෑමක් වාර්තා කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ දළ නිල සංචිත 2024 වසරේ පෙබ­ර­වාරි මස අව­සා­නය වන විට එක්සත් ජන­පද ඩොලර් බිලි­යන 4.5ක මට්ටමේ පැවති බවත්, චීන මහ­ජන බැංකු­වෙන් ලද එක්සත් ජන­පද ඩොලර් බිලි­යන 1.5ට සමාන විදේශ විනි­මය හුව­මාරු පහ­සු­කම මෙයට ඇතු­ළත් වන බවත්ය. මේ වසරේ පෙබ­ර­වාරි මාස­යේදී ශ්‍රී ලංකා මහ බැංකුව ශුද්ධ පද­නම මත එක්සත් ජන­පද ඩොලර් මිලි­යන 240ක් මිල දී ගෙන තිබේ.

මහින්ද අලු­ත්ගෙ­දර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT