Home » මැතිවරණ දෙකකට චීනය මැදිහත් වූ බවට කැනඩාවේ බුද්ධි සේවා වාර්තාවක්

මැතිවරණ දෙකකට චීනය මැදිහත් වූ බවට කැනඩාවේ බුද්ධි සේවා වාර්තාවක්

by sachintha
April 18, 2024 1:00 am 0 comment

කැනඩාවේ අගමැති ජස්ටින් ටෘඩෝ ජයග්‍රහණය ලැබූ 2019 සහ 2021 මැතිවරණවලදී චීනය රහසිගතව මැදිහත් වූ බව එරට ආරක්ෂක බුද්ධි සේවය අනාවරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කැනඩාවේ ආරක්ෂක බුද්ධි සේවය මේ පිළිබඳ පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී අගමැති කාර්යාලයට දැනුම් දී ඇතැයි ද විදේශ මැදිහත්වීම් සම්බන්ධ කොමිසමේදී සාකච්ඡා කළ බව ද වැඩිදුරටත් වාර්තා වේ.

එම මැතිවරණවලදී අපේක්ෂකයන් 11 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 13 දෙනකු චීන රජයේ විදේශීය මැදිහත් වීමට සම්බන්ධ බවත් කැනඩාවේ ආරක්ෂක බුද්ධි සේවා වාර්තාවෙන් අනාවරණය වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

එම වාර්තාවට අනුව මැතිවරණවලදී විදේශ මැදිහත්වීම් පිළිබඳ විමසිල්ලෙන් සිටින ලෙස කාර්ය සාධක බළකාය ඉල්ලීමක් කර ඇත. කෙසේ වුවද එම ක්‍රියාවන් මැතිවරණයේ අවසන් ප්‍රතිඵලයට කිසිදු බලපෑමක් සිදු නොකළ බව ද එහි සඳහන් වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT