Home » ශර්මාට Impact ක්‍රීඩ­කයා එපා වෙයි

ශර්මාට Impact ක්‍රීඩ­කයා එපා වෙයි

by damith
April 20, 2024 1:13 am 0 comment

අයි­පී­එල් තර­ග­ව­ලට හඳු­න්වාදී ඇති Impact Player හෙවත් ක්‍රීඩ­ක­යෙක් ආදේශ කිරී­මට අව­ස්ථාව ලබා­දීමේ නීතිය ගැන එත­රම් පැහැ­දී­මක් නැතැයි ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ශර්මා පව­සයි.

මුම්බායි ඉන්දි­යන්ස් කණ්ඩා­යමේ හිටපු නාය­කයා මෙන්ම ආර­ම්භක පිති­ක­රු­වකු ද වන ශර්මා පව­සන්නේ මේ ක්‍රීඩක ආදේශ කිරීම හේතු­වෙන් ඇතැම් ක්‍රීඩ­ක­යන්ට තුන් ඉරි­යව් දස්කම් දැක්වී­මට ඇති අව­ස්ථාව අහිමි වන බවයි.

පිති­ක­රු­වන්ට පන්දු යැවී­මට අව­ස්ථාව නොලැ­බී­මත්, පන්දු යව­න්නන්ට පිති­ක­ර­ණයේ යෙදී­මට අව­ස්ථා­වක් නොලැ­බී­මත් හේතු­වෙන් ඔවුන්ගේ තුන් ඉරි­යව් දස්කම් දියු­ණු­වට එය බාධා­වක් වන බව ශර්මාගේ අද­හස වී තිබේ.

මේ Impact Player රිතීය විවේ­ච­නය කළ පළමු ඉහළ පෙළේ ඉන්දීය ක්‍රීඩ­කයා රෝහිත් ශර්මා වන අතර, මෙම­ඟින් 12 වැනි ක්‍රීඩ­ක­ය­කුට කණ්ඩා­ය­ම­කට ක්‍රීඩා කිරීමේ අව­ස්ථාව හිමි වෙයි.

“ක්‍රිකට් කියන්නේ ක්‍රීඩ­ක­යන් 11 දෙනෙක් කරන ක්‍රීඩා­වක් මිස ක්‍රීඩ­ක­යන් 12 දෙනෙක් ක්‍රීඩා කරන එකක් නොවෙයි. මේ නිසා තුන් ඉරි­යව් ක්‍රීඩ­ක­යෙක් බිහි වීමට ඇති ඉඩ­කඩ අඩු වෙනවා.”

“එය ප්‍රේක්ෂ­ක­යන්ට විනෝද වීමට හොඳ දෙයක් වුවත් සැබෑ ක්‍රිකට් ක්‍රීඩා­වේදී එය කණ්ඩා­ය­ම­කට හොඳ නැහැ. උදා­හ­ර­ණ­යක් ලෙස Impact ක්‍රීඩ­කයා නිසා ශිවම් ඩුබේ, වොෂි­න්ටන් සුන්දර්ට පන්දු යැවී­මට අව­ස්ථා­වක් නැහැ. එම නිසා එවැනි ක්‍රීඩ­ක­යන්ට කණ්ඩා­ය­මට එක්වී­මට ඇති ඉඩ අඩුයි. එය ඉන්දීය කණ්ඩා­ය­මට හොඳ දෙයක් නොවේ.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT