Home » අද ඉඳන් රහස් කියන කඳු

අද ඉඳන් රහස් කියන කඳු

by mahesh
November 17, 2023 1:00 am 0 comment

ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ රහස් කියන කඳු අද ( 17)දා සිට දිවයින පුරා සිනමාහල්වලදී තිරගත කෙරේ. සරත් කොතලාවල, ප්‍රියන්ත සිරිකුමාර, ධර්මප්‍රිය ඩයස්, සම්පත් ජයවීර, ලක්මාල් ධර්මරත්න, ආනන්ද කුමාර උන්නැහේ, කලණ ගුණසේකර, ජගත් මනුවර්ණ, නිමල් පල්ලෙවත්ත, චමින්ද පුෂ්පකුමාර, සමන්ත පරණලියනගේ, ගාමිණී ජයරත්න, ශ්‍රීමාල් වෙඩිසිංහ, මාදනී මල්වත්ත, නලින් ලුසේනා ආදිහු රඟති. රහස් කියන කඳු, සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනයකි.


දැන් පෙන්වන ‘ද කිලර්’

හොලිවුඩයේ නවතම සිනමා සිත්තම ‘ද කිලර්’ ඉකුත් 10 වැනි දා රිදී තිරයට මුදා හැරුණා. හොලිවුඩයේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් වන ඩේවිඩ් ෆින්චර් විසින් අධ්‍යක්ෂණය කෙරුණු මේ චිත්‍රපටයෙහි මිචෙල් ෆාස්බෙන්ඩර්, අර්ලිස් හොවාඩ්, චාර්ල්ස් පර්නෙල් ඇතුළු ප්‍රවීණ හොලිවුඩ් නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති. ප්‍රංශ කතුවරයෙක් වූ ඇලෙක්සිස් නොලෙන්ට් විසින් රචිත ‘ද කිලර්’ කෘතිය අසුරෙන් මේ චිත්‍රපටය නිර්මාණය කර තිබේ.


චන්ද්‍රන්ට-ඩග්ලස්ට ගෞරව සම්මාන

ශ්‍රී ලංකා තිර රචකයන්ගේ සංසදයට නව විධායක කමිටුවක් පත්කර ගැනීම සඳහා ඉකුත්දා පැවැති හමුවේදී චන්ද්‍රන් රත්නම් හා නීතිඥ ඩග්ලස් සිරිවර්ධන දෙදෙනාට එහි ගෞරව සම්මාන සාමාජිකත්වය පිරිනැමූ අවස්ථාව.


මෙන්න දිවුලපිටි‍යේ ‘ඩෝරා’

මෙරට සංගීත කණ්ඩායම් නමැති සයුරේ වේගයෙන් ඉදිරියට ඇදෙන යාත්‍රාවක් විදියටයි ඉකුත්දා ITN,live band showහිදී දිවුලපිටිය – ඩෝරා සංගීත කණ්ඩායම ඉස්මතු වී පෙණුනේ. අපි දැන් එහි නායක සඳරුවන් සේනානායක හමුවෙමු. ‘මේ මගේ ඥාති සහෝදරයෙක් ආරම්භ කළ බෑන්ඩ් එක. ඒත් ඒක අතරමඟ නැවතුණා. චතුර ප්‍රනාන්දු ( නිත්‍ය ගායක), නිරෝෂන් ප්‍රනාන්දු ( ඔක්ටපෑඩ් ), අනුරාධ, ප්‍රගීත්, ෂෙහාන්, පසිඳු මල්ෂාන්, ප්‍රදීප්, ලක්ෂාන් කියන අනෙක් සාමාජිකයනුත් එක් වුණා.


කදිර දිව්‍යරාජ දින 100 පසු කරයි

සිනමා ඉතිහාසයේ කදිර දිව්‍යරාජ සිනමා සිත්තම සියලු ආදායම් වාර්තා අලුත් කරමින් දින 100ක් තුළ ලක්ෂ 2750ක ආදායම් වාර්තාවක් එක් කිරීමට සමත්ව ඇත. එය පසුගියදා ඕස්ට්‍රේලියාවේ පැවැති safal fast 2023හිදී ද සම්මානයට පාත්‍ර විය. තවද British way popular Awards 2023හිදී වසරේ ජනප්‍රියම සිනමා පටයට හිමි සම්මානය ද හිමි කර ගත්තේය. රයිගම් දෙවැනි 1 – 100%ක් සහල් නූල්ඩ්ස් මිලදී ගෙන එහි ඇති අත්පත්‍රිකාවේ සඳහන් අංකයට කෙටි පණිවුඩයක් එවූ පාරිභෝගිකයන් අතරින් ජයග්‍රාහකයන් තෝරා ඔවුන්ට නොමිලයේ චිත්‍රපටය නැරඹීමට ප්‍රවේශ පත්‍ර දෙක බැගින් හිමි කර ගැනීමේ සිනමා ඉතිහාසයේ විශාලතම දිනුම් ඇදීමේ තරගය ද දින 100 සම්පූර්ණ කොට ඇත. මෙම චිත්‍රපටය සමඟ එය නරැඹීමෙන් පටන් සියලු කර්තව්‍යයන්ට දායක වූ සියලු දෙනා වෙත එහි නිෂ්පාදන කණ්ඩායම සිය ස්තූතිය පළ කර සිටී. (ජායාරූපයෙන් දැක්වෙන්නේ සාර්ථක දින 100 පසු කිරීම සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවේදී කේක් කපා ප්‍රීතිය සැමරූ මොහොතයි.)

පසිඳු මිහිරාන් රැටියල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT