Home » මස් පිණිස කැස්බෑවකු මැරූ යාපනයේ අයෙක් මාට්ටු

මස් පිණිස කැස්බෑවකු මැරූ යාපනයේ අයෙක් මාට්ටු

by sachintha
March 28, 2024 1:00 am 0 comment

 

අධි සංරක්ෂිත සත්ත්වයෙක් වන කැස්බෑවකු මරා මස් පිණිස විකිණීම සඳහා ත්‍රිරෝද රථයකින් රැගෙන යමින් සිටි යාපනයේ පදිංචි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (26) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරකට අනුව යාපනය පොලිස් වසමේ පන්නෛයි හන්දිය, යාපනය යන ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහිදී අධි සංරක්ෂිත සත්ත්වයෙක් වන කැස්බෑවකු ඉතා සූක්ෂ්ම ලෙස මස් පිණිස අලෙවි කිරීම සඳහා ත්‍රිරෝද රථයකින් රැගෙන යමින් සිටි ශාන්ත ජෙම්ස් පාර, ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක පුද්ගලයකු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙම සංරක්ෂිත සතුන්ගේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වී ඇති අතර, ඒ පිළිබඳ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් නිරතුරුවම අවධානයෙන් හා කැපවීමෙන් ක්‍රියා කරනු ලබයි.

පොලිස් විශේෂ කාර්ය බළකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාපය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් යාපනය කඳවුරේ වැඩබලන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඊ.ඒ.ඩබ්. ලක්මාල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT