Saturday, April 27, 2024
Home » මෛත්‍රී රුසියාවට සොව පළ කරන්න යයි

මෛත්‍රී රුසියාවට සොව පළ කරන්න යයි

by chanaka
March 28, 2024 11:37 am 0 comment

පසුගිය දා රුසියාවේ මොස්කව් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂෙය් සභාප‍ති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (27) කොළඹ රුසියානු තානාපති කාර්යාලයට ගියේය.

එහිදී ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S Dzhagaryan මහතා හමුවී මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ශෝකය පළ කළේය.

රුසියාවේ රජයට සහ ජනතාවට සිය බලවත් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා හිටපු ජනාධිපතිවරයා ශෝක පණිවිඩ පොතේ සිය ශෝක සටහන එක් කළේය.

එම අවස්ථාවට ශ්‍රීලනිප ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතාද එක්ව සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT