Saturday, April 27, 2024
Home » මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රිය අනතුරකින් ජීවිතක්‍ෂයට

මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රිය අනතුරකින් ජීවිතක්‍ෂයට

by chanaka
March 28, 2024 1:15 pm 0 comment

වවුනියාව, ඕමන්ත, කල්ලිකුලම ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කේ.අකිලේන්ද්‍රන් මහතා ඊයේ ( 27) සවස මියගොස් තිබේ.

ඔහු ගමන් කළ කැබ් රථය වවුනියාව ඕමන්ත ප්‍රදේශයේදී ටිපර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් පසුව වෛද්‍ය අකිලේන්ද්‍රන් මහතා කැබ් රථය තුළ සිර වූ අතර ඔහුව එළියට ගෙන වවුනියාව මහ රෝහලට ඇතුළත් කිරීමට පොලීසියට හා ගම්වාසීන්ට විශාල කාලයක් ගතව ඇත.

සිහිසුන්ව සිටි වෛද්‍යවරයාව ගිලන් රථයක ආධාරයෙන් වවුනියාව මහ රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඒ වන විට ඔහු මියගොස් සිට ඇතැයි වාර්තා වේ.

එම අනතුරෙන් ත්‍රී රෝද රථයකටද හානි සිදුව ඇත.

අනතුර හේතුවෙන් කැබ් රථයට සම්පූර්ණයෙන්ම හානි සිදුව ඇති අතර එහි ඉදිරිපස කොටස කුඩුපට්ටම් වී ගොස් තිබේ.

ටිපර් රථයේ රියදුරා අනතුරෙන් පසුව දිව ගොස් ඕමන්ත පොලීසියට බාර වී ඇත.

මියගිය කේ. අකිලේන්ද්‍රන් මහතා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මුලතිව් දිස්ත්‍රික්කයේ එම තනතුර බාර ගනීමට පෙර වවුනියව මහ රෝහලේ වෛද්‍ය අධිකාරී සහ සෙට්ටිකුලම වෛද්‍ය අධිකාරී තනතුර හොබවා තිබේ.

ඕමන්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT