Home » කරන්දෙණිය මැදි විදුහලේ අසූවිය සමරා සිසුන්ගෙන් වීදි නාට්‍ය සංදර්ශනයක්

කරන්දෙණිය මැදි විදුහලේ අසූවිය සමරා සිසුන්ගෙන් වීදි නාට්‍ය සංදර්ශනයක්

by sachintha
April 12, 2024 1:12 am 0 comment

ගාල්ල, කරන්දෙණිය මධ්‍ය මහා‌ විද්‍යාලයට අවුරුදු 80ක් පිරීම නිමිත්තෙන් පවත්වන ලද සංවත්සරය වෙනුවෙන් පාසල් නාට්‍ය අංශය මඟින් ඉකුත් දිනවල වීදි නාට්‍ය සංදර්ශන මාලාවක් ඉදිරිපත් කර තිබිණ. ශ්‍රී ලාංකේය පාසල් නාට්‍ය ඉතිහාසයේ දැවැන්තම වීදි නාට්‍ය කණ්ඩායම ලෙස නළු නිළියන් 56 දෙනකුගෙන් යුත් වීදි නාට්‍ය කණ්ඩායමක් ඉතා සාර්ථකව සිය වීදි නාට්‍ය සංදර්ශනය නිම කළ අතර, එම වීදි නාට්‍ය සංදර්ශනය මහජනතාවගේ හුදු ආස්වාදය සඳහා කරන්දෙණිය මහඒදණ්ඩ බස්නැවතුම්පොළ හා ඇල්පිටිය බස් නැවතුම්පොළ කේන්ද්‍ර කරගෙන ඉදිරිපත් කෙරිණ. කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ජී. ඒ. දිලිප් කුමාර මහතාගේ මඟපෙන්වීම මත නාට්‍ය අංශ භාර ආචාර්ය මණ්ඩලය සමඟ සිසුන් පිරිසක් මෙම නාට්‍ය ඉදිරිපත් කළහ.

ඇල්පිටිය – ඩී. ජේ. විජේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT