Home » මිරිස්වත්ත මහ විදුහල් ක්‍රීඩා උලෙළේ ‘නෙළුම් කුමාරි දුම්රිය’ නිවාසයට මුල් තැන

මිරිස්වත්ත මහ විදුහල් ක්‍රීඩා උලෙළේ ‘නෙළුම් කුමාරි දුම්රිය’ නිවාසයට මුල් තැන

by sachintha
April 12, 2024 1:12 am 0 comment

ගා / මිරිස්වත්ත මහා විද්‍යාලයේ 2024 නිවාසාන්තර ජවන හා පිටිය ක්‍රීඩා උලෙළ පෙරේදා (10) විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

සමස්ත තරගාවලියේ ශූරතාව මානෙල් නිවාසය දිනාගත් අතර ඕලු නිවාසය අනුශූරතාව දිනා ගත්තේය. තුන්වන ස්ථානය හිමි වූයේ නෙළුම් නිවාසයටය.

නිවාස ආකෘති තරගයෙන් පළමු ස්ථානය හිමි වූයේ නෙළුම් නිවාසයටය. එම නිවාසය ඉදිකර තිබූ නෙළුම් කුමාරි නමින් වූ දුම්රියක් පරිද්දෙන් වූ නිවාසයට එම ජයග්‍රහණය හිමි විය. නිවාස තරගයේ දෙවැනි ස්ථානය හිමි වූයේ ඕලු නිවාසය ඉදිකර තිබූ ‘ආරච්චි වලව්ව’ නිවාස අකෘතියටය. තෙවන ස්ථානය මානෙල් නිවාසයේ ‘නාග රාක්ෂ’ වෙස් මුහුණක හැඩය පරිද්දෙන් ඉදිකර තිබූ නිවාසයට හිමි විය.

විදුහල්පති රුවන් කෝට්ටගේ මහතාගේ මෙහෙයවීම යටතේ ආචාර්යය මණ්ඩලය, දරුවන් ද සමඟ නිවාසාන්තර ක්‍රීඩා උලෙළ සංවිධානය කර තිබුණි.

බළපිටිය විශේෂ – ජයකාන්ත ලියනගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT