Home » ගාසා යුද්ධ­යෙන් දරු­වන් 13,800ක් ජීවි­ත­ක්ෂ­යට – යුනි­සෙෆ් සංවි­ධා­නය

ගාසා යුද්ධ­යෙන් දරු­වන් 13,800ක් ජීවි­ත­ක්ෂ­යට – යුනි­සෙෆ් සංවි­ධා­නය

by damith
April 20, 2024 1:19 am 0 comment

ඊශ්‍රා­ය­ලය සහ හමාස් සංවි­ධා­නය අතර පසු­ගිය වසරේ ඔක්තෝ­බර් මස 7 වැනිදා ආරම්භ වූ යුද ගැටුම් හේතු­වෙන් ගාසා තීරයේ දරු­වන් 13,800කට දිවි අහිමි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අර­මු­දල (යුනි­සෙෆ් සංවි­ධා­නය) ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම සංවි­ධා­නයේ විධා­යක අධ්‍ය­ක්ෂිකා කැත­රින් රසල් ප්‍රකාශ කර ඇත්තේ තවත් දහස් සංඛ්‍යාත දරු­වන් තුවාල ලබා ඇති බවය.

අමෙ­රි­කාවේ නිව්යෝක් නුවර පසු­ගි­යදා පැවති මාධ්‍ය හමු­ව­කට එක්වෙ­මින් යුනි­සෙෆ් සංවි­ධා­නයේ විධා­යක අධ්‍ය­ක්ෂිකා වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර ඇත්තේ ගාසා තීරයේ යුද ගැටුම් හේතු­වෙන් සෑම මිනිත්තු 10කට වරක් දරු­වකු ජීවි­ත­ක්ෂ­යට පත්වීම හෝ තුවාල ලැබීම සිදු­වන බවය.

යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු මේ දක්වා ගාසා තීරයේ කාන්තා­වන් දස­ද­හ­ස­කට වඩා ඝාත­නය වූ බවත්, මව්ව­රුන් 6000ක් ඊට අයත් බැවින් දරු­වන් 19,000ක් අනාථ වී ඇතැයි ද ඇය සඳ­හන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT