Saturday, April 27, 2024
Home » නවක වද සිද්ධියට කැලණි සරසවි සිසුන් 3ක් අත්අඩංගුවට

නවක වද සිද්ධියට කැලණි සරසවි සිසුන් 3ක් අත්අඩංගුවට

by sachintha
March 6, 2024 12:00 am 0 comment

නවක වද සිදුවීමක් මුල්කරගෙන කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන් තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (04) අත්අඩංගුවට ගනු ලැබූහ.

පොලොන්නරුව, කහවත්ත සහ මොනරාගල පදිංචි සිසුන් තිදෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් තිදෙනා අවුරුදු 25 සහ 26 යන වයස්වල පසුවන්නන්ය.

කැලණිය විශ්වවිද්‍යාලයේ 03 වන වසරේ ඉගෙනුම ලබන සිසුන් 06 දෙනකු බලහත්කාරයෙන් රැගෙන ගොස් සිර කර තර්ජනය කර නවක වදය ලබා දීම මෙම සිසුන් තිදෙනාට එල්ල වී ඇති චෝදනාවන්ය. ඒ සම්බන්ධයෙන් ඔවුන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT