Home » ඇඟ­ලුම් සේවි­කා­වන් රැගත් බසය පෙරැ­ළිලා

ඇඟ­ලුම් සේවි­කා­වන් රැගත් බසය පෙරැ­ළිලා

by damith
March 23, 2024 1:01 am 0 comment

බඩ­ල්කු­ඹුර ප්‍රදේ­ශයේ සිට මොන­රා­ගල නග­රයේ පව­ත්වා­ගෙන යන ඇඟ­ලුම් කම්හ­ල­කට සේවක සේවි­කා­වන් ප්‍රවා­හ­නය කරන පුද්ග­ලික බස් රථ­යක් ඉකුත් (21) වෙනිදා පෙරැළී සිවු­දෙ­න­කුට තුවාල සිදුවී ඇතැයි බඩ­ල්කු­ඹුර පොලි­සිය පව­සයි.

බඩ­ල්කු­ඹුර-මොන­රා­ගල මාර්ගයේ මඩු­කො­ටන් ආරාව ප්‍රදේ­ශ­යේදී බස් රථයේ වේගය පාල­නය කර ගැනී­මට නොහැ­කිව බස් රථය පාරෙන් ඉව­තට පෙරැළී ඇත.

අන­තු­රෙන් තුවාල ලැබූ තරු­ණි­යන් තිදෙ­නෙකු සහ එක් පිරිමි අයෙකු සුළු තුවාල ලබා බඩ­ල්කු­ඹුර ප්‍රාදේ­ශීය රෝහ­ලට ඇතු­ළත් කර තිබේ.

බඩ­ල්කු­ඹුර පොලිස් ස්ථානා­ධි­පති සුනිල් දිසා­නා­යක මහතා පරී­ක්ෂණ මෙහෙ­ය­වයි.

ඩී.එස්. ගුණ­ති­ලක - ඌව වෙල්ලස්ස විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT